තමන් පියුමි හංසමාලි හට ඇඳුම් ගෙන නොගිය බවට අමාත්‍ය සරත් වීරසේකර පවසනවා.
ඒ, අද (06) දින පාර්ලිමේන්තුව අමතමින්.
තමා එසේ කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් නගන චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් තමා එසේ ඇඳුම් ගෙන ගිය බවට ඔප්පු කිරීමට නොහැකි නම් නලින් බණ්ඩාර මහතා කාන්තා ඇඳුම් හිස මත තබාගෙන සිටගෙන සිටිය යුතුයැයි තමන් අභියෝග කරන බවත් ඔහු පවසනවා.
එමෙන්ම, ප්‍රසිද්ධ කාන්තාවන්ගේ නම් සඳහන් කරමින් ස්වයං වින්දනයක් ලැබීමට ඇතැමුන් පෙළඹී ඇති බව පවසන ඔහු වැඩිදුරටත් පවසන්නේ මහත්මා දේශපාලනයක නිරතවන තම්මා මෙවැනි කාරණා ගැන ප්‍රකාශ කිරීමට සිදුවීම සම්බන්ධව කණගාටුවන බවයි.
එමෙන්ම, ගුරුවරුන් අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පැවසුවේ ඔවුන්ට අවශ්‍ය දෑ සම්පාදනය කිරීමට තමා උපදෙස් දුන් බවයි.