ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින්ගෙන් 45,000ක පමණ පිරිසක් ළමුන් බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත මහතා පවසනවා.
ඒ අතුරින් ළමුන් 20,000 ක් පමණ අවුරුදු 10 ට වඩා අඩු ළමුන් බවයි විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.
එමෙන්ම, කොවිඩ් ආසාදිත ළමුන් 14 දෙනෙක් මේ වන විට මියගොස් ඇති බවත් ඔහු පවසනවා.