24 C
Colombo
Sunday, January 5, 2025

ඊයේ ආසාදිතයන් 2,950ක් – කොවිඩ් මරණ 94ක්

- Advertisement -

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,956 දෙනෙකු ඊයේ (09) දින සොයාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව, මෙරටදී තහවුරු කරගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 329,994ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

මේ අතර, තවත් කොවිඩ් මරණ 94ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

පෙරේදා (07) දින තහවුරු කර ඇති එම මරණ 94ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5,111ක් දක්වා ඉහළගොස් ඇත. එම කොවිඩ් මරණ 94න් 25 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 69 දෙනා පිරිමි පුද්ගලයින් වන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරන්නේ.

අවසන් දින 07 තුළ මරණ 581 ක් වාර්තා වී ඇති අතර එය පෙර සතියට සාපේක්ෂව 52% ක ඉහළ යාමකි.

එමෙන්ම, ඊයේ දිනය තුළ ආසාදිතව සිටි 2,563ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 293,357ක් විය.

RECENT ARTICLES - SINHALA

කෝටි 32 ක මියුසිකල් ගහපු හරීන්

තරුණ සේවා සභාව මඟින් සංවිධානය කළ Smart Youth Night නමැති සංගීත සංදර්ශන මාලාව සඳහා රුපියල් කෝටි 32කට අධික මුදලක් වැය කර ඇති බව අනාවරණය...

බොන අයට හඳුන්නෙත්තිගෙන් එතනෝල්

අඩු මිලකට ප්‍රමිතියෙන් ඉහළ මත්පැන් වෙළදපොලට හදුන්වා දීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. ඊයේ (03) ලංකා සීනි සමාගමට...

අදානි ව්‍යාපෘති ගැන බලන්න යළිත් කමිටුවක්

අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ අධ්‍යනයට යළි කමිටුවක් පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. බලශක්ති අමාත්‍යාංශය විසින් ඊට අදාළ යෝජනාව ලබන අමාත්‍ය මණ්ඩල...

POPULAR ARTICLES