එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය භාරගන්නා ලෙස කෙරුණු යෝජනාව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතික්ෂේප කර තිබුණත් එම මන්ත්‍රීධූරය නීත්‍යානුකූලව හිමිවිය යුත්තේ තමන්ට බව හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසයි.
තමන් ජ්‍යෙෂ්ඨම මන්ත්‍රීවරයෙක් ලෙස ලයිස්තුවේ ඉදිරියෙන් සිටින අතර තමන් ජන්දය ඉල්ලා පරාද නොවුණු කෙනෙක් බවද හෙතෙම කියා ඇත. ඒ, සිරිකොත පක්ෂ මූලස්ථානයේ නොවැම්බර් 23 වන දින පැවැති සාකාච්ඡාවෙන් අනතුරුවය.
මේ අතර, එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අකිල විරාජ් කාරියවසම් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී වීමේ ලිපිය භාරදී ඇත. කෙසේ වෙතත්, පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාරියවසම්ගේ යෝජනාව පිළිගෙන නොමැති බවත් තවමත් ලිඛිතව එය දැනුම් දී නැති බවත් වාර්තා වේ.