29.1 C
Colombo
Saturday, April 12, 2025

Hirdaramani Knit කර්මාන්ත ශාලාවේ 6ක කොවිඩ්

- Advertisement -

ඇහැලියගොඩ Hirdaramani Knit  (HKEH) කර්මාන්තශාලාවේ සාමාජික සාමාජිකාවන් 6 දෙනෙකුට COVID-19 රෝගය ආසාදනය වී ඇති බව එම ආයතනය නිල නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

නිල නිවේදනය පහතින් දැක්වේ.

2020 නොවැම්බර් 24

මෑතකාලීනව COVID-19 වසංගත තත්ත්වය නැවත හිස එසවීමත් සමග අපගේ සෞඛ්‍ය හා සුරක්ෂිතතා කණ්ඩායම්, අපගේ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මහජන සෞඛ්‍ය බලධාරීන් සමග එක්ව දැඩි කැපවීමෙන් යුතුව කටයුතු කළහ.

අපගේ කර්මාන්ත ශාලා සියල්ල තුළ පෞද්ගලිකව PCR පරීක්ෂණ සිදුකිරීමේ පහසුකම් ස්ථාපිත කිරීමට අප පියවර ගත් අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඇහැලියගොඩ Hirdaramani Knit  (HKEH) කර්මාන්තශාලාවේ සාමාජික සාමාජිකාවන් 6 දෙනෙකුට COVID-19 රෝගය ආසාදනය වී ඇති බවට 2020 නොවැම්බර් 21 සෙනසුරාදා දින හඳුනා ගන්නා ලදි. ඔවුන්ගේ තත්ත්වය දැනට ස්ථාවර වන අතර ඔවුහු සෞඛ්‍ය අමාත්‍යංශය මගින් නියම කර ඇති නිරෝධායන  හා ප්‍රතිකර්ම විධිවිධාන අනුගමනය කරමින් සිටිති.

කල්තබා ආරක්ෂා වීමේ පියවරක් ලෙස සමස්ත කර්මාන්තශාලාවම විෂබීජහරණයට ලක්කරන ලද අතර, වැඩිදුර PCR පරීක්ෂණ සිදුකරන තුරු කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත්, මෑතකදී කර්මාන්ත ශාලාව වෙත පැමිණි සියලුම දෙනාටත් ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස දැනුම් දෙන ලදි. ආසදිතයන්ගේ ආශ්‍රිතයන් හඳුනා ගැනීම සඳහා අප අදාළ බලධාරීන් සමග එක්ව කටයුතු කරමින් සිටින අතර අවශ්‍ය පරිදි වැඩිදුර පරීක්ෂණ සිදුකිරීමටත්, මෙහෙයුම් කටයුතු නැවත ආරම්භ කිරීමට පෙර ගත යුතු ක්‍රියාමාර්ග හඳුනා ගැනීමටත් මේ වනවිට කටයුතු කරමින් සිටින්නෙමු. ඒ අතරතුර කාලය තුළ කර්මාන්තශාලාව වසා තැබෙනු ඇත.

තම සාමාජික සාමාජිකාවන් සියලුම දෙනාගේ සෞඛ්‍යය හා සුරක්ෂිතතාව සඳහා Hirdaramani කවදත් ප්‍රමුඛත්වය ලබාදෙන අතර, දැනට මතුවී ඇති තත්ත්වය නිසා බලපෑමට ලක්වී සිටින සියලුම දෙනාට හැකි උපරිම අයුරින් සහයෝගය ලබාදීමටත්, අනෙකුත් සාමාජික සාමාජිකාවන්ට හා සමස්ත මහජනතාවට ඇතිවන බලපෑම අවම කිරීමටත් අපි කටයුතු කරන්නෙමු.

එමෙන්ම, මෙම වසංගත රෝග උවදුර මර්දනය කිරීම සඳහා කැපවී සිටින සියලුම බලධාරී අංශ වලටත්, ඉදිරිපෙළ සාමාජික සාමාජිකාවන්ටත් අපගේ නොමඳ ස්තූතිය හිමි වේ.

Hirdaramani කළමනාකාරීත්වය

RECENT ARTICLES - SINHALA

දෙවුන්දර වෙඩි තැබීමට අදාළ ගිනිඅවිය සොයාගනී

දෙවුන්දර ප්‍රදේශයේදී තරුණයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සඳහා යොදාගත් බවට සැක කෙරෙන T56 වර්ගයේ ගිනිඅවිය කැකනදුර ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී අද (12)...

සමුද්‍රීය ආරක්‍ෂාව වෙනුවෙන් හදිසි ඇමතුම් අංකයක්

සමුද්‍රීය ආරක්‍ෂාව වැඩිදියුණු කිරීම සහ මුහුදු ආපදා තත්වයන්හිදී වහාම ප්‍රතිචාර දැක්වීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබෙනවා. ශ්‍රී ලංකා...

ලාංකික කතකට ලිංගික අතවර කළැයි ඉන්දීය ජාතිකයෙක් අල්ලයි

ඩුබායි සිට කටුනායක බලා පැමිණි ගුවන් යානයක සිටි කාන්තාවකට ලිංගික අතවර සිදුකළ බවට ඉන්දීය ජාතිකයෙක් ගුවන් තොටුපොළ පොලිසිය විසින් අද (12) උදෑසන අත්අඩංගුවට ගෙන...

POPULAR ARTICLES

දෙවුන්දර වෙඩි තැබීමට අදාළ ගිනිඅවිය සොයාගනී

දෙවුන්දර ප්‍රදේශයේදී තරුණයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සඳහා යොදාගත් බවට සැක කෙරෙන T56 වර්ගයේ ගිනිඅවිය කැකනදුර ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී අද (12)...

පාකිස්ථානයේ අගනුවර භූමිකම්පාවක්

පාකිස්ථානයේ අගනුවර වන ඉස්ලාමාබාද් ප්‍රදේශයේ අද (12) පස්වරු 1 ට පමණ රික්ටර් මාපක 5.3 ක භූමිකම්පාවක් සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහිදී එම...

සමුද්‍රීය ආරක්‍ෂාව වෙනුවෙන් හදිසි ඇමතුම් අංකයක්

සමුද්‍රීය ආරක්‍ෂාව වැඩිදියුණු කිරීම සහ මුහුදු ආපදා තත්වයන්හිදී වහාම ප්‍රතිචාර දැක්වීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබෙනවා. ශ්‍රී ලංකා...