24 C
Colombo
Wednesday, January 8, 2025

වසංගතයට එරෙහිව මන්තර ගුරුකම් සහ මැජික් ඖෂධවල පිහිට පැතූ සෞඛ්‍ය ඇමතිවරිය ගැන අල්ජසීරා වාර්තා කළ අයුරු

- Advertisement -

කැබිනට් සංශෝධනයක් මඟින් ශ්‍රී ලංකා රජයේ සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ ඊයේ (16) සිදු කරන ලද වෙනස්කම් විදෙස් මාධ්‍යයන්හි ද අවධානයට ලක් වුණා.

ඒ අනුව කොවිඩ්-19 සමඟ සටන් කිරීම සඳහා මන්තර ගුරුකම් සහ මැජික් ඖෂධ ප්‍රසිද්ධියේ අනුමත කළ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ඇමතිවරිය ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින් ඉවත් කිරීමට කටයුතු කර ඇති බව අල් ජසීරා වාර්තා කර තිබෙනවා.

මන්තර ගුරුකම් කරන්නෙකු විසින් කොවිඩ්-19 වෛරසයට එරෙහිව නිෂ්පාදනය කළ “මැජික් ඖෂධයක්” ඇය විසින් ප්‍රසිද්ධියේ පරිභෝජනය කර අනුමත කළද වන්නිආරච්චි මහත්මිය ජනවාරියේදී දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරනු ලැබූ බව ද අල් ජසීරා පවසනවා.

අල් ජසීරා මාධ්‍ය ආයතනය වැඩි දුරටත් සදහන් කරන්නේ මිලියන 21 ක ජනගහනයක් වෙසෙන ශ්‍රී ලංකාවේ වසංගතය අවසන් කරන බවට දෙවියන්ගෙන් ලැබුණු පණිවිඩයක් අනුව ඇය නොවැම්බර් මාසයේදී “ආශීර්වාද ලත්” වතුර මුට්ටි ගඟකට වත් කරනු ලැබූ බවයි.

පවිත්‍රා වන්නිආරච්චිගේ පාලන කාලය තුළ කොවිඩ්-19 වෛරස ආසාදන අවතක්සේරු කිරීම හේතුවෙන් පසුගිය සතියේදී සෞඛ්‍ය අමාත්‍යාංශය දැඩි විවේචනයට ලක්වුණා.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍ය ධූරයෙන් බලයෙන් පහ කළත් ඇය කැබිනට් මණ්ඩලයේ තව දුරටත් රැඳී සිටින අතර ජනාධිපතිවරයා ඇයට ප්‍රවාහන අමාත්‍යාංශය ලබා දුන් බවද අල් ජසීරා වාර්තා කරනවා.

අල් ජසීරා පලකල එම ලිපිය මෙතනින්,


RECENT ARTICLES - SINHALA

අඩු වියදමින් අභිමානවත් නිදහස් උළෙලක්

77 වැනි නිදහස් සමරු උළෙල අඩු වියදමකින් අභිමානවත්ව සැමරිමට තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. අමාත්‍ය මහාචාර්ය චන්දන...

හිටපු රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ ලකී ජයවර්ධන අභාවප්‍රාප්ත වී තිබෙනවා. අභාවප්‍රාප්තවන විට ඔහුගේ වයස අවුරුදු 71ක්. ඔහු මහනුවර ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වෙන්නේ

ශිෂ්‍යත්ව පිළිතුරු පත් ඇගයීම ඇරඹේ

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් අද (08) ආරම්භ වනවා. එය ලබන 12 වැනිදා දක්වා සිදු කෙරෙනු ඇති. ප්‍රතිඵල දින 40ක් ඇතුළත නිකුත් කරන බව...

POPULAR ARTICLES

අඩු වියදමින් අභිමානවත් නිදහස් උළෙලක්

77 වැනි නිදහස් සමරු උළෙල අඩු වියදමකින් අභිමානවත්ව සැමරිමට තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. අමාත්‍ය මහාචාර්ය චන්දන...

දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය ලංකාවට

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර හැමිල්ටන්හිදී අද (08) පැවැත්වෙන දෙවන එක්දින තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා. ශ්‍රී ලංකා...

හිටපු රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ ලකී ජයවර්ධන අභාවප්‍රාප්ත වී තිබෙනවා. අභාවප්‍රාප්තවන විට ඔහුගේ වයස අවුරුදු 71ක්. ඔහු මහනුවර ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වෙන්නේ