මුදල් අච්චු ගැසීමෙන් උද්ධමනය වැඩි නොවන බව දේශපාලඥයින් පැවසූ නමුත් විශාල වශයෙන් මුදල් අච්චු ගැසීම නිසා ජනතාවට විශාල ජීවන වියදම් අර්බුදයකට මුහුණ දීමට සිදුව ඇති බව මේ වන විට මහබැංකුව පිළිගෙන ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.
ඒ, ඊයේ (19) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.
සල්ලි අච්චු ගැසීමෙන් පමණක් රටේ ආර්ථික අර්බුදය විසඳීමට නොහැකි බව මේ වන විට රජයට වැටහී ඇති බවයි ඒ මහතා පවසන්නේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා,
“අද මොකක්ද කළේ මහබැංකුව ? පොළී අනුපාත ඉහළ දැම්මා. එතකොට මේ උත්සාහ කරන්නෙ වෙළඳපොලේ තියෙන මූල්‍ය ද්‍රවශීලීතාවය අඩු කරන්න. ඒ ද්‍රවශීලීතාවය වැඩිවීම නිසා මොකද වෙන්නෙ, බඩුවල මිල ඉහළ යනවා. එතකොට පොළී අනුපාත වැඩි කළාම මොකද වෙන්නෙ, අර සංසරණය වෙන මුදල්, වෙළඳපොලේ තියෙන මුදල්, එළියෙ තියෙන මුදල් යම්කිසි ප්‍රමාණයක් නැවතත් බැංකු ඇතුළට යනවා. මොකද ලැබෙන පොළියත් වැඩියිනෙ.
එතකොට දේශපාලනඥයා මොනවා කිව්වත් මුදල් අච්චු ගැසීම නිසා උද්ධමනය වැඩිවෙන්නෙ නෑ කියලා, අද මහබැංකුව පිළිගන්නවා මේ විශාල මුදල් අච්චු ගැසීම නිසා ජනතාවට විශාල ජීවන වියදම් අර්බුදයකට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා, ඒ නිසා අපි මේ අච්චු ගහපු මුදල් නැවත මහබැංකුව ඇතුළට ලබාගැනීම සඳහා ක්‍රියා පටිපාටියක් ගන්නවා. මේක නිසා අනිත් පැත්තට පොළී වැඩිවෙනවා, ණය ගෙවන්න වෙනවා ලිහිල් කිරීම් අඩුවෙනවා. දැන් මේ සියලු දේට හේතුව තමයි තාම මේ දේ කරන්න සිද්ධ වෙලා තියෙන, මේ ඩොලර් එකේ අර්බුදය. මේ කරන පොඩි පොඩි වෙනස්කම් හරහා අපි මුහුණ දෙන අභියෝගයෙන් ගොඩ එන්න හැකියාවක් අපට නෑ.
ඩොලර් බිලියන 2.8 යි අතේ තියෙන්නෙ. මාසෙකට අපට ඩොලර් මිලියන 200ක් විතර ඕනෙ වෙනවා සාමාන්‍ය ණය ගෙවන්න. ඉතුරු මාස 6ට තව ඩොලර් මිලියන 500ක් විතර ඕනෙ වෙනවා සංවර්ධන බැඳුම්කර හා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ගෙවන්න. ඔය ඔක්කොම එකතු කරලා බැලුවාම එන මාස 12ට ගෙවන්න තියෙනවා පුද්ගලික අංශයයි රජයයි දෙකම එකතු කළාම ඩොලර් බිලියන 7ක් විතර ගෙවන්න තියෙනවා. ඉතිං අතේ තියෙන්නෙ ආණ්ඩුවයි පුද්ගලික අංශයයි ඔක්කොම එකතු කරලා 4ක් විතර.
එතකොට දැන් මේගොල්ලොන්ට තේරිලා තියෙනවා මේ සල්ලි අච්චු ගහලා විතරක් මේ ප්‍රශ්නය විසඳන්න බෑ කියලා. එහෙනම් මොකක්ද අපට තියෙන විකල්පය ? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නෙ නෑ, නෑ, නෑමයි කියන එකෙන් වෙන්නෙ අවසානයේදී යන්න වුණහම – මොකද එතනින් එහාට විකල්පයක් නෑ, යන්නම වෙනවා – පරක්කු වෙන්න පරක්කු වෙන්න ජනතාවට දෙන පීඩනය වැඩිවෙනවා”