26.1 C
Colombo
Sunday, November 24, 2024

රට වැසුවොත් සංචාරකයන් ගෙන්වා ගන්න බැරි වෙනවා – ජනපති

- Advertisement -

සම්පූර්ණයෙන් රට වසා දැමීමෙන් සිදුවන බලපෑම ජනතාව විසින් තේරුම්ගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඒ,අද (20) දින ජාතිය අමතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින්.

දැනට දිනකට සංචාරකයන් 200ක් පමණ රටට ඇතුළු වන බවත් කොවිඩ් වසංගතය හේතුවෙන් කඩා වැටුණු සංචාරක කර්මාන්තය ගොඩනගමින් සිටින අවස්ථාවක සම්පූර්ණයෙන්ම රට වසා දැමුවහොත් නැවතත් ආරම්භයේ සිටම සංචාරක කර්මාන්තය ගොඩ නැගීමට සිදුවනු ඇති බවත් ඒ මහතා පවසනවා.

එමෙන්ම, ඇඟළුම් කර්මාන්තයේ ඇණවුම් නිසි වේලාවට ලබා දීමට නොහැකි වුවහොත් විශාල විදේශ විනිමයක් අහිමි වන බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

සම්පූර්ණයෙන්ම රට වසා දැමීම රටට දරාගත නොහැකි වුවත් දින 10කට නිරෝධායන ඇඳිරිනීතිය පැණවීමට තමා තීරණය කළ බව ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.


RECENT ARTICLES - SINHALA

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හෙට සිට දින තුනක වැඩමුළුවක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා හෙට (25) සිට තුන්දින වැඩමුළුවක් පැවැත්වීමට නියමිතය. පාර්ලිමේන්තු මහ ලේකම් කුෂාණි රෝහණධිර මහත්මිය සඳහන් කළේ, උදෑසන 9.30 සිට පස්වරු 4.30 දක්වා එය...

මහ ඡන්දෙට ඉදිරිපත් වුණ අපේක්ෂකයින්ට නිවේදනයක්

මහ මැතිවරණයට අදාළ ආදායම් වියදම් වාර්තා භාරදීමට අපේක්ෂකයින්ට දෙසැම්බර් 6 වැනි දා දක්වා කාලය දී තිබෙනවා. ජාතික මැතිවරණ කොමිසම සඳහන් කළේ, දේශපාලන පක්ෂ හා ස්වාධීන...

අද කාලගුණය

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (24) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම...

POPULAR ARTICLES