32 C
Colombo
Thursday, January 9, 2025

වැටුප් කපන්න තාම තීරණය කළේ නෑ – බන්දුල

- Advertisement -

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කප්පාදු කිරීමට මෙතෙක් කිසිඳු තීරණයක් ගෙන නොමැති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

මේ වන විට ජනතා නියෝජිතයින් කොවිඩ් 19 අරමුදල සඳහා දායකත්වයක් ලබාදී ඇති බවත් යම් පරිත්‍යාගක් කළ හැකි සියලු දෙනාගෙන් මේ අවස්ථාවේ එම පරිත්‍යාගය බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.

බන්දුල ගුණවර්ධන මහතාද සිය වැටුප කොවිඩ් අරමුදල සඳහා පරිත්‍යාග කිරීමට කටයුතු කළා. ඔහුගේ මෙම කැප කිරීම ජනපතිවරයාගේ පැසසුමට ලක්වූ බවයි ලිපියක් යොමු කරමින් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර පවසා සිටියේ.

රටවසා දැමීමකදී රාජ්‍ය සේවකයන්ගේ සහ පුද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් කප්පාදුවක් සිදු කළ යුතු බවට රජයේ අමාත්‍යවරුන් කිහිප දෙනක්ම යෝජනා කර තිබුණා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කප්පාදු කිරීමට රජයට හැකියාවක් නොමැති බවයි

මැති ඇමතිවරුන්ගෙන් මුදල් අයකර ගැනිම සුදුසු බවත් ජනතාවගේ රාජ්‍ය සේවකයින්ගේ මුදල් ගැනිම අසාධාරණ බවත් ඊයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියා.

RECENT ARTICLES - SINHALA

ඥානසාර හිමිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු ඇප ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (9) ප්‍රතික්ෂේප කළා. ඉස්ලාම්...

කෝප් කමිටුවට නව සභාපතිවරයෙක්

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ හෙවත් කෝප් කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා  ඒකමතිකව ‍තේරී පත්වී තිබෙනවා. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව...

මම ප්‍රශස්ත මාධ්‍යකරණයක නිරත වුණා – දිලිත් ජයවීර

0
තමන් ප්‍රශස්ත මාධ්‍යකරණයක නිරත වූ මාධ්‍ය ආයතන හිමිකරුවෙක් බව සර්වජන බලය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී අද (09) අදහස් දක්වමින් ඒ මහතා...

POPULAR ARTICLES