25.2 C
Colombo
Sunday, November 24, 2024

හෙට සිට ළමයි ප්‍රවාහනයෙන් ඉවත්වෙනවා

- Advertisement -

හෙට (26) දින සිට සමස්ත ලංකා අන්තර් පළාත් පාසැල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය පාසල් ළමුන් ප්‍රවාහනයෙන් ඉවත් වන බව පවසනවා.

සමස්ත ලංකා අන්තර් පළාත් පාසැල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ සභාපති රුවන් ප්‍රසාද් පවසන්නේ පාසල් ප්‍රවාහන සේවා පවත්වාගෙන යාමට නම් දෙමාපියන්ගේ සහ දරුවන්ගේ බිය නැති කිරීමට වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවයි.

මේ සම්බන්දයෙන් අදහස් දැක්වූ රුවන් ප්‍රසාද් මහතා,

“අද දිනයේත් අපි ඉතා සාර්ථක ලෙස වාහන කිහිපයක් ධාවනයේ යෙදෙව්වා. නමුත් හෙට වෙනකොට අපිට දුවන්න ක්‍රමයක් නෑ. ඒ නිසා අපි හෙට දිනයේ ධාවනයෙන් ඉවත් වෙනවා. ඒකට විසඳුම තියෙන්නේ දෙමාපියන්ගේ සහ දරුවන්ගේ බිය නැති කිරීම තුළයි. අපි ජනාධිපතිතුමාගෙන් සහ අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඉල්ලන්නේ මේකට මැදිහත් වෙලා දෙමාපියන්ගේ සහ දරුවන්ගේ බිය නැති කිරීමට පියවර ගන්න කියලා. මොකද පාසල් පද්ධතිය තිබුණොත් තමයි අපේ ආදායම් මාර්ග දියුණු වෙන්නේ,”

RECENT ARTICLES - SINHALA

අද කාලගුණය

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (24) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම...

සෞඛ්‍ය ඇමති මහනුවර ගියේ නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර රජයේ රෝහලක නිරීක්ෂණ චාරිකාවක නීරත වෙමින් එහි  පරික්ෂා කිරීම් සිදු කර අඩුපාඩු පෙන්වා දුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ...

වාහන ආනයනය ගැන IMF වෙතින් ප්‍රකාශයක්

වාහන ආනයන සීමා ඉවත් කිරීම මඟින් රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අවස්ථාවක් උදා වූවත් එය රටේ සංචිත පිළිබඳව අවධානය යොමුකර පරික්ෂාකාරීව  කළමනාකරණය කළ යුතු බව...

POPULAR ARTICLES