ඇත්ගොව්වන් විසින් භාවිතා කරනු ලබන සාම්ප්‍රදායික මෙවලම් වල ප්‍රමිතීන් සහ පිරිවිතර සම්බන්ධ නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
හීලෑ අලි ඇතුන්ගේ සුබසාධන ය සම්බන්ධයෙන් වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩ පිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා විසින් නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනයේ කෙවිට, පිහිය සහ හෙණ්ඩුව ට අදාල ප්‍රමිතීන් සහ පිරිවිතර සඳහන් වේ.
එමෙන්ම, අලි ලියාපදිංචිය සම්බන්ධ නියෝග ද මෙහි ඇතුලත් වේ.