26 C
Colombo
Thursday, May 1, 2025

කාබුල් ප්‍රහාරයට ඇමරිකාවෙන් ප්‍රතිප්‍රහාර

- Advertisement -

ඉකුත් දා කාබුල් අගනුවරට ප්‍රහාර එල්ල කළ ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක IS සංවිධානයේ අනුබද්ධිත සංවිධානයේ ඉලක්ක වෙත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බව ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කරයි.

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර පිහිටි හමීඩ් කර්සායි ගුවන් තොටුපොළ ඉලක්ක කරගනිමින් බ්‍රහස්පතින්දා පස්වරුවේ මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල විය.

ISK හෙවත් ඉස්ලාමික් ස්ටේට් කොරෝසාන් සංවිධානය එම ප්‍රහාරයේ වගකීම බාරගෙන තිබිණි.

ඇමෙරිකානු සෙබළුන්, ඇෆ්ගන් සිවිල් වැසියන් ඝාතනය වූ මෙම ප්‍රහාරයට ප්‍රතිචාර දක්වන බවත් ප්‍රහාරකයන් හඹා එන බවත් එම ප්‍රහාරයෙන් පසු ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පැවැසීය.

ඇෆ්ගනිස්තානයේ නන්ගහාර් පළාතේ ISK සංවිධානයේ මූලස්ථානයකට මෙම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කළ කර තිබෙන ප්‍රහාරය සාර්ථක යැයි ද කිසිදු සිවිල් වැසියකුට හානියක් සිදු ව නැතැයි ද ඇමෙරිකානු ආරක්ෂක අංශ සඳහන් කළේය.

එම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමත් සමඟ කඩිනමින් ගුවන් තොටුපොළින් හෝ ඒ ආසන්නයෙන් ඉවත් වන්නැයි ඇමෙරිකානු බලධාරීහු ඇෆ්ගනිස්තානයේ සිටින සිය වැසියන්ට සහ ඇෆ්ගන් වැසියන්ට අනතුරු ඇඟවූහ.

කාබුල් නුවරට ඉකුත් දා එල්ල වූ ප්‍රහාර මාලාවෙන් ඇමෙරිකානු සොල්දාදුවන් 13 දෙනකු මියගොස් ඇති අතර මියගොස් ඇති සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව මේ වනවිට 170ක් දක්වා ඉහළ ගොස් ඇත.

RECENT ARTICLES - SINHALA

මැයි රැළිය වෙනුවෙන් බස් 5,500ක් කොළඹට

ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක...

ප්‍රදේශ කිහිපයකට අද තද වැසි

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ...

ලෝක කම්කරු දිනය අදයි

ලෝක කම්කරු දිනය අදට (01) යෙදි තීබෙනවා. 1886 වසරේදී මැයි මාසයේදී වැඩමුරය පැය 8කට සීමා කරන ලෙස ඉල්ලමින් අමෙරිකාවේ චිකාගෝ නුවර කම්කරුවන් පිරිසක් සිදුකළ...

POPULAR ARTICLES

පකිස්ථානයට ඉන්දීය ගුවන් සීමාව තහනම් වෙයි

පකිස්ථානය හිමිකාරිත්වය දරණ සහ පකිස්ථාන පාලනය යටතේ ඇති සියලුම ගුවන්යානාවලට සිය ගුවන් අවකාශය වසා දැමීමට ඉන්දියානු රජය තීරණය කර තිබෙනවා. ඒ දෙරටේ ගැටුම්කාරී තත්ත්වය...

මැයි රැළිය වෙනුවෙන් බස් 5,500ක් කොළඹට

ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක...

ප්‍රදේශ කිහිපයකට අද තද වැසි

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ...