නවක තරුණ ගායන ශිල්පිණියක් වන යොහානි ගායනයෙන් දායක වූ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය මෙරට තුල පමණක් නොව ඉන්දියාව ඇතුළු දකුණු දකුණු ආසියාතික රටවල් වල නොමද ජනාදරයක් ලබමින් පවතිනවා.
එම ගීතය මේ වන විට නැරඹුම් වාර මිලියන 72ක් පසුකර ඇති අතර ඇති අතර ඇයගේ යූටියුබ් චැනලය වඩා එක් රැස්ව ඇති පිරිස මිලියන 2ක් වෙත ශ්රීඝ්රයෙන් ආසන්න වෙමින් තිබෙනවා.
ඉතා කෙටිකලක් තුල මෙසේ ජනප්‍රිය වූ මෙම ගීතයට තමා බෙහෙවින් ප්‍රිය කරන බව ප්‍රවීණ බොලිවුඩ් රංගල ශිල්පි අමිතාබ් භච්චන්ද සිය සමාජ මාධ්‍ය හරහා මීට පෙර අවස්ථාවක පවසා තිබුණා.
මේ අතර, යොහානිගේ ගීතයට ඇලුම් කරන තවත් බොලිවුඩ් රංගන ශිල්පිනියක් පිළිබඳව වාර්තා වනවා. ඒ පර්නීතී චෝප්රා. පර්නීතී සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පල කළ වීඩියෝව පහතින්.