ටෝකියෝ පැරාලිම්පික් උළලේදී මෙරටට පදක්කමක් දිනා දීමට තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් අද (30) සමත්විය.
ඒ, පිරිමි හෙල්ල විසිකිරීමේ (F 64) ඉසව්ව නියෝජනය කළ සමිත දුලාන් කොඩිතුවක්කුයි.
මෙය දුලාන්ගේ පෞද්ගලික හොඳම දක්‍ෂතාව මෙන්ම, මෙම කාණ්ඩයේ පැරා වාර්තාවක්ද විය. මීට පෙර මෙම වාර්තාව පිහිටුවා තිබුණේ 2012 ලන්ඩන් පැරා උළෙලේදී චීන ක්‍රීඩකයෙකු මී. 58.53ක දක්‍ෂතාවක් දක්වමිනි.
ශ්‍රී ලංකා හමුදා පොලිස් සේවය නියෝජනය කරන දුලාන් මීට පෙර ජාත්‍යන්තර තරග බිමේ අත්කරගෙන සිටි ඉහළම ජයග්‍රහණය වූයේ, 2019 වර්ෂයේ ඩුබායිහිදී පැවති ලෝක පැරා ශූරතාවලියේදී එම ඉසව්වේ සිව්වැනි ස්ථානය දිනාගැනීමයි.
මේ වනවිට පැරාලිම්පික් උළෙලේදී පදක්කම් 2ක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව මේ වනවිට සමත්වී ඇත.
පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම දිනා දීමට දිනේෂ් ප්‍රියන්ත හේරත් අද පෙරවරුවේ සමත්වූයේ නව ලෝක වාර්තාවක් ද තබමින්.