රැඳවුම් භාරයේ සිටින පොඩි ලැසී හට දුරකථන පහසුකම් සැපයූ බව කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරයෙකු නොවැම්බර් 25 වන දින අත්අඩංගුවට ගෙන ඇත.
අදාල කොස්තාපල්වරයා පොඩි ලැසී හට දූරකථන පහසුකම් ලබා දීම සදහා රුපියල් ලක්ෂ 5 ක මුදලක් ලබා ගෙන ඇතිි බව මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇති අතර ඔහු එම මුදල භාවිතා කර මිලදී ගත් රන් මාලයක් හා දුරකථන පහසුකම් සැපයීමට යොදාගත් ජංගම දුරකථනයක් පොලිස් බාරයට ගෙන ඇත.
අවි ආයුධ හා මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැලක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරන පොඩි ලැසි නැමැත්තාට සැකකාර කොස්තාපල්වරයා අවස්ථා ගණනාවක දී දුරකථන පහසුකම් සපයා ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.