සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් පිහිටවූ පසුව මෙරට ගොවීන්ට අවශ්‍ය රසායනික පොහොර යළි ආනයනය කිරීමට කටයුතු කරන බව සමගි ජනබලවේගය පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා පවසනවා.
තම පක්ෂය කාබනික පොහොර ප්‍රතික්ෂේප නොකරන බවත් රට කාබනික පොහොර සඳහා යොමුකළ යුත්තේ ක්‍රමානුකූලව බවත් අලවතුවල මහතා පෙන්වා දෙනවා.
හිතකර විස පළිබෝධනාශක කිහිපයක්ම තහනම් කරනු ලැබුවේද පසුගිය ආණ්ඩුව සමයේ බව ජේ.සී. අලවතුවල මහතා වැඩිදුරටත් සදහන් කරනවා.
විපක්ෂ නායක කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කළා.