තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 12 කින් ඉහළ දැමීමට ප්‍රීමා සමාගම තීරණය කර තිබෙනවා.
මීට පෙර සෙන්ඩිබ් සමාගමද තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 6 කින් ඉහළ දැමීමට කටයුතු කළා.
එම අවස්ථාවේදී සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට කටයුතු කළා.
කෙසේ වෙතත් ප්‍රීමා සමාගමේ මෙම මිල ඉහළ දැමීම පාරිභෝගික කටයුතු අධිකාරියද දැනුවත් කිරීමකින් තොරව සිදුකර ඇති බවටද තොරතුරු වාර්තා වනවා.
මේ අතර සහල් සහ සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ ගැසට් පත්‍රයක්ද නිකුත් කර තිබුණා.