මේ වන විට පනවා තිබෙන නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කිරීමට කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය තීරණය කර තිබෙනවා.
ඒ අද (03) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පැවති විශේෂ කමිටු රැස්වීමෙන් අනතුරුවයි.
ඒ අනුව එළැඹෙන සැප්තැම්බර් 13 වන සඳුදා අළුයම 4.00 දක්වා එය දීර්ඝ වනු ඇති.