28.6 C
Colombo
Wednesday, April 2, 2025

ඩක්වත් සහ ලුවිස් න්‍යයට අනුව දකුණු අප්‍රිකාවට ජය

- Advertisement -

ශ්‍රී ලංකාව සමග පැවති දෙවන එක්දින තරඟය ඩක්වත් සහ ලුවිස් න්‍යයට අනුව ලකුණු 67කින් ජය ගනිමින් තරඟාවලිය 1-1ක් ලෙස සම කරගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්වුණා.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයට උදෑසන සිට ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් ආරම්භය පමා වූ තරගයේ එක් ඉනිමක් පන්දුවාර 47 කට සීමා වූණා. කාසිය වාසිය දිනු දකුණු අප්‍රිකානු නායකයා මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළා.

පළමු තරඟයේ දී ආබාධයකට ලක්වීම හේතුවෙන් දකුණු අප්‍රිකානු නිත්‍ය නායක ටෙම්බා බවුමාට තරගාවලිය අහිමි වූ අතර කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරුණේ කේෂව් මහරාජ්ටයි.

නියමිත පන්දුවාර 47 තුළ දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලූ 6ක් දැවී ලකුණු 283 ක් ලබා ගත්තා. ජනමන් මලාන් ලකුණු 121යි. එය ඔහුගේ තුන්වන එක්දින ශතකයයි. පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර සහ චාමික කරුණාරත්න කඩුලු 2 බැගින් දවාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන්ට පිටේ ස්ථාවර වීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. ලකුණු 19ක් වෙද්දී ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 3ක් බිඳ වැටී තිබුණා.

ශ්‍රී ලංකා ඉනිමේ 25වන පන්දු වාරය අවසානයේ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා. ඒ අනුව තරගයේ පන්දුවාර ගණන 41කට අඩු කෙරුණු අතර ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය ලකුණු 265ක්.

ඒ වනවිට කඩුලු 4ක් දැවී ලකුණු 114ක් ලබා සි⁣ටි ශ්‍රී ලංකාවට පන්දුවාර 16කදී ලකුණු 151ක් ලබා ගත යුතු වුණා. ඒ වනවිට දසුන් ශානක සහ චරිත් අසලංක කඩුල්ලේ රැඳී සිටියා.

කෙසේ වෙතත් දසුන් ලකුණු 30කටත් අසලංක ලකුණු 77කටත් දැවී ගියා. ඉන්පසුව පිටියේ ස්ථාවර වූ චාමික කරුණාරත්න ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් කෙමෙන් කෙමෙන් ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු ගොඩ නැඟුවා. ලකුණු 33ක් ලබා සිටියදී ඔහු දවාගත් කේෂව් මහරාජ් ගේ තරගයේ ජයග්‍රහණය තමන්ගේ නමට ලියා ගත්තා. ශ්‍රී ලංකා පිතිකරුවන් සියලුදෙනා පන්දුවාර 36.4කදී ලකුණු 197කට දැවී ගියා. ටැබ්රේස් ශම්සි ලකුණු 49කට කඩුලු 5ක් දවා ගත්තා.

ඩක්වත් සහ ලුවිස් න්‍යයට අනුව ලකුණු 67කින් තරගය ජයගනිමින් තරගාවලිය 1-1ලෙස සම කරගැනීමට සංචාරක දකුණු අප්‍රිකාව සමත් වුණා. ⁣තුන්වන සහ අවසන් තරගය ලබන අඟහරුවාදා පැවැත්වෙනවා.

RECENT ARTICLES - SINHALA

ජනාධිපති අරමුදල අවභාවිතාව ගැන CID පරීක්ෂණ

ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිතා කළ බව කියන පුද්ගලයින් 22 දෙදෙනෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ බව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර...

පාර්ලිමේන්තු සේවක සම්ගම්වලින් කතානායකට පැමිණිල්ලක්

පාර්ලිමේන්තු සේවකයන්ගේ දීමනාව සියයට 70 සිට සියයට 31ක් දක්වා කප්පාදු කිරීම  සම්බන්ධයෙන්  විරෝධය පළ කරමින් එහි සියලුම සේවක සංගම්  කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට...

අපි කාටවත් හානියක් කරන්නේ නැහැ – නලින්ද

ජාතික ආරක්ෂාව පිළිබඳ කරුණු වලදී ජාතිය, ආගම හෝ ප්‍රදේශය පටලවා නොගන්නා ලෙසත් ප්‍රචණ්ඩත්වය සහ ත්‍රස්තවාදය ඕනෑම ආකාරයකට පැමිණිය හැකි බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද...

POPULAR ARTICLES

පාර්ලිමේන්තු සේවක සම්ගම්වලින් කතානායකට පැමිණිල්ලක්

පාර්ලිමේන්තු සේවකයන්ගේ දීමනාව සියයට 70 සිට සියයට 31ක් දක්වා කප්පාදු කිරීම  සම්බන්ධයෙන්  විරෝධය පළ කරමින් එහි සියලුම සේවක සංගම්  කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට...

ජනාධිපති අරමුදල අවභාවිතාව ගැන CID පරීක්ෂණ

ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිතා කළ බව කියන පුද්ගලයින් 22 දෙදෙනෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ බව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර...

සීනි බදු වංචා නඩුවේ මූලික විරෝධතා විසි වෙලා

ඉකුත් රජය සමයේ සුනිල් හදුන්නෙත්ති මහතා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිශ්ප්‍රභ කරන ලෙස වගඋත්තරකරුවන් විසින් මතු කළ මූලික විරෝධතා...