28 C
Colombo
Sunday, March 16, 2025

ඇෆ්ගනිස්තානයේ කාන්තා සිසුවියන් නොපෙනෙන අයුරින් පිරිමි සිසුන් මැදට රෙදි තිර එළයි

- Advertisement -

තලේබාන් පාලනය යටතේ ඇෆ්ගනිස්තානයේ විශ්ව විද්‍යාලයන්හි පිරිමි සහ කාන්තා සිසුන් එකම පන්ති කාමරයක් තුළ වෙන් කර අධ්‍යාපන ලබාදීමට පියවර ගෙන තිබේ.

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගැනීමත් සමග එරට අධ්‍යාපන ආයතන වසා දැමුණු අතර ඒවා දැන් ක්‍රමයෙන් විවෘත කෙරෙමින් ඇත.

ඒ අනුව කාබුල්, කන්දහාර් සහ හේරාට් වැනි ප්‍රධාන නගරවල ඇතැම් විශ්ව විද්‍යාලවල අධ්‍යාපන කටයුතු යළි ආරම්භ කර ඇත්තේ තිරයක් හෝ තාවකාලික බිත්තියක් මගින් කාන්තා සහ පිරිමි සිසුන් වෙන්කරමිනි.

ඇතැම් විශ්ව විද්‍යාලවල කාන්තා සහ පිරිමි සිසුන්ට වෙන්වෙන්ව අධ්‍යාපනය ලබාදීමට ද පියවර ගෙන තිබේ.

කෙසේවෙතත්, එරට විශ්ව විද්‍යාල බලධාරීන් සහ සිසුසිසුවියන් මාධ්‍ය වෙත පවසා ඇත්තේ අධ්‍යාපන කටයුතුවල අනාගතය බෙහෙවින් අවිනිශ්චිත බවයි.

ඇෆ්ගනිස්තානයේ නව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස තේරීපත්වී ඇති අබ්දුල් බාකි හක්කානි විසින් පවතින උපාධිවලට වටිනාකමක් නැති බවට කර ඇති ප්‍රකාශයක් ඇතුළු විවිධ ප්‍රකාශ මෙම තත්වයට හේතුවී තිබේ.

RECENT ARTICLES - SINHALA

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රභල අකුණු සහ තද වැසි පිළිබඳව  අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ උතුරු පළාත් සහ අනුරාධපුර දිස්ත්‍රික්කය...

මැදිරිගිරිය සංගීත ප්‍රසංගයේ කළහාකාරී ලෙස හැසිරුණු 6ක් මාට්ටු

මැදිරිගිරිය, දිවුලන්කඩවල ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුර ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ මැදිරිගිරියේ පදිංචි හය දෙනෙකු...

සියලුම මාර්ගවල දුම්රිය ප්‍රමාදයක්

කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර සංඥා පද්ධතියේ බිඳවැටීමක් සිදුව ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසනවා. ඒ හේතුවෙන් සියලුම මාර්ගවල දුම්රිය ප්‍රමාදයක් සිදුවන...

POPULAR ARTICLES