25 C
Colombo
Monday, March 17, 2025

තලේබාන් පාලනය තුළ කාන්තාවන්ට ක්‍රිකට් තහනම් නම් ඇෆ්ගනිස්ථාන පිරිමි ක්‍රිකට් තරඟයත් අවලංගුයි – ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය

- Advertisement -

තලේබාන් පාලනය යටතේ කාන්තා කණ්ඩායමට ක්‍රීඩා කළ නොහැකි බවට පළවන වාර්තා සත්‍ය නම් ඇෆ්ගනිස්ථානය සමඟ පැවැත්වෙන පිරිමි ටෙස්ට් ක්‍රිකට් තරඟය අවලංගු කිරීම්ට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

තලේබාන් සංස්කෘතික කොමිෂන් සභාවේ නියෝජ්‍ය ප්‍රධානී අහමදුල්ලා වසික් පසුගිය දා ඕස්ට්‍රේලියානු ගුවන් විදුලිය වන SBS ප්‍රවෘත්ති සේවය සමඟ සාකච්ඡාවකට එක් වෙමින් කාන්තාවන් සඳහා ක්‍රිකට් ක්‍රීඩා කිරීමට තලේබාන් පාලනයක් තුළ ඉඩක් ලැබීමේ හැකියාව පිළිබඳ සිතීම අපහසුයැයි ප්‍රකාශ කරන ලදී.

බදාදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වසික්ගේ ප්‍රකාශය පිළිබඳ සිය කණස්සල්ල පළ කරනු ලැබුවේය.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයද මේ පිළිබඳ ඔවුන්ගේ විරුද්ධත්වය ප්‍රකාශ කරමින් සෑම තරාතිරමකම කාන්තාවන් සඳහා ක්‍රීඩා කිරීමට අවශ්‍ය සහයෝගය දක්වන බව ප්‍රකාශ කරනු ලැබීය.

“ඇෆ්ගනිස්ථානයේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට සහය නොදක්වන බවට මෑත කාලීන මාධ්‍ය වාර්තා සනාථ කරන්නේ නම්, හෝබාර්ට් හි පැවැත්වීමට නියමිත යෝජිත ටෙස්ට් තරගය සඳහා ඇෆ්ගනිස්ථානයට සත්කාරකත්වය ලබා නොදීම හැර විකල්පයක් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයට නැත” යනුවෙන් ඔවුන් වැඩිදුරටත් පවසා තිබේ.

දෙසැම්බර් 8 වෙනිදා ආරම්භ වීමට නියමිත එංගලන්තය සමඟ අළුබඳුන තරඟාවලියට පෙර නොවැම්බර් 26 වෙනිදා සිට ඇෆ්ගනිස්ථානයට එරෙහිව ඕස්ට්‍රේලියාවේ පළමු ටෙස්ට් තරගය පැවැත්වීමට නියමිතව තිබුණි.

ඇෆ්ගනිස්ථාන පිරිමි කණ්ඩායමට මේ වන විටත් තලේබාන් සංවිධානයේ සහයෝගය ලැබී ඇත.

RECENT ARTICLES - SINHALA

කෝච්චි ප්‍රමාදයක්

පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දෙපාර්තමේන්තුව පැවසුවා. කාර්මික දෝෂයට...

පුංචි ඡන්දයේ නාමයෝජනා භාරගැනීම අද සිට

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීම අද (17) ආරම්භ වනවා. මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළේ අද සිට ලබන 20 වැනිදා මධ්‍යහ්න 12 දක්වා...

නැංගුරම් ලා තිබූ බෝට්ටු 02ක් ගිනි අරන්

දික්වැල්ල, නිල්වැල්ල ධීවර වරායේ සිට මීටර් 200 ක් දුරින් නැංගුරම් ලා තිබූ බහුදින බෝට්ටු 02 ක් අද (17) අළුයම ගිනි ගෙන තිබෙනවා. මේ වන විට...

POPULAR ARTICLES

කෝච්චි ප්‍රමාදයක්

පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දෙපාර්තමේන්තුව පැවසුවා. කාර්මික දෝෂයට...

පුංචි ඡන්දයේ නාමයෝජනා භාරගැනීම අද සිට

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීම අද (17) ආරම්භ වනවා. මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළේ අද සිට ලබන 20 වැනිදා මධ්‍යහ්න 12 දක්වා...

Voice of America වසා දමන්න ට්‍රම්ප් අත්සන් කරලා

අමෙරිකාවේ පැරණිතම සහ විශාලතම ජාත්‍යන්තර මාධ්‍ය ආයතනය වන Voice of America මාධ්‍ය ජාලය වසා දැමීමේ විධායක නියෝගයට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා. ඒ,...