29.1 C
Colombo
Saturday, April 12, 2025

ශ්‍රී දේවි සහ අනෙක් අලි බලහත්කාරෙන් අරන් යනකොට මම අසරණ උනා – ඉෂිනි

- Advertisement -

පින්නවල අලි ඇතුන් 15 දෙනෙකු බලහත්කාරයෙන් රැගෙන යද්දී තමන් අසරණ වූ බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙන් පසුගියදා ඉල්ලා අස්වූ ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය පවසනවා.

පසුගියදා ලද අධිකරණ නියෝගයත් සමඟ පින්නවලින් අලියෙකු රැගෙන ගිය අයුරු දැක්වෙන වීඩියෝ පටයක් සිය ෆේස්බුක් ගිණුමේ පල කරමින් ඇය මේ බව කියා සිටිනවා.

“ශ්‍රී දේවි ඉතා ආදරණීය හා ආදරණීය අලියෙක් .. ඇය පින්නවල සිටි මගේ ප්‍රියතමයා .. ඇය සහ අනෙක් අලි ඇතුන් පින්නවලින් බලහත්කාරයෙන් රැගෙන යන අවස්ථාවේදී මම අසරණ වුනා.. කෙනෙකුගේ පෞද්ගලික අවශ්‍යතා සඳහා සතුන්ගේ නිදහස උදුරා ගැනීම මොනතරම් කෘරකමක් ද? ” යැයි එහි ඇය සටහන් කර තිබුණා.

වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩ පිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රය සහ නීතිපතිවරයාගේ උපදෙස් මත කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණ නියෝගය මගින් දැනට රජය විසින් රඳවාගෙන සිටින අලි ඇතුන් කිහිප දෙනෙකු ඔවුන්ගේ මුල් අයිතිකරුවන් වෙත ලබාදීමට ගත් තීරණය සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය සිය ධූරයට සමුදුන්නා.

අධිකරණ තීන්දුව අනුව අලි ඇතුන් යළි මුල් අයිතිකරුවන්ටම ලබාදුනහොත් එම අලි ඇතුන් නීතිවිරෝධීව අල්ලාගත් ජාවාරම්කරුවන්ටම ආපසු ලබා දීමට නියමිත බවට පරිසරවේදීන්ද මීට පෙර පෙන්වා දී තිබුණා.

ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩිහමල් සොහොයුරු හා වන TNL නාලිකාවේ හිමිකරුවන ශාන් වික්‍රමසිංහ මහතාගේ දියණියද වනවා.

ඇය මෙම තනතුරට පත්වීමට පෙර TNL නාළිකාවේ විධායක අධ්‍යක්ෂවරිය ලෙසද කටයුතු කළා.

කෙසේ වෙතත් පසුගිය ජනාධිපතිවරණයේදි ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාපක්ෂ මහතාට සහය පලකරමින් කටයුතු කළා.

වරෙක ඇය පවසා තිබුණේ ගෝඨාභය රාපක්ෂ මහතා ඇමරිකානු පුරවැසියෙකු වුවද ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතා කරන බවයි.

RECENT ARTICLES - SINHALA

කාලගුණයෙන් දැනුවත් කිරීමක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපෑ හැකි උණුසුම් කාලගුණය සම්බන්ධව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව...

අවුරුද්දට තෑගි බැහැ – පොලීසියට තහනමක්

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් පොලිස් නිලධාරීන්ගෙන් හා ව්‍යාපාරික ප්‍රජාවගෙන් මූල්‍ය පරිත්‍යාග ලබාගෙන පොලිස් ස්ථාන තුළ සංග්‍රහ සංවිධාන නොකරන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත...

දෙවුන්දර වෙඩි තැබීමට අදාළ ගිනිඅවිය සොයාගනී

දෙවුන්දර ප්‍රදේශයේදී තරුණයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සඳහා යොදාගත් බවට සැක කෙරෙන T56 වර්ගයේ ගිනිඅවිය කැකනදුර ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී අද (12)...

POPULAR ARTICLES