25 C
Colombo
Monday, March 17, 2025

ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්ථාන තානාපතිවරයා විසින් තලේබාන් රජය ප්‍රතික්ෂේප කරයි

- Advertisement -

ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලාගැනීමෙන් අනතුරුව පිහිටුවන ලද තලේබාන් සංවිධානයේ අතුරු කැබිනට් මණ්ඩලය පිළිගැනීම ශ්‍රී ලංකාවේ සිටින ඇෆ්ගනිස්ථාන තානාපතිවරයා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

තලේබාන් රජය නීත්‍යානුකූල නොවන බව පවසා ශ්‍රී ලංකාවේ සිටින ඇෆ්ගනිස්ථාන තානාපති අෂ්රෆ් හයිදාරි මහතා ලිපියක් මගින් එය මෙරට රජයටත් කොළඹ පිහිටි රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවටත් දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.

තලේබාන් සංවිධානය මේ වන විට ඇෆ්ගනිස්ථානයේ බලය තහවුරු කර අතුරු පාලනයක් ප්‍රකාශයට පත් කර ඇති අතර එම රට “ඉස්ලාමීය එමිරේට්” (Islamic Emirate) ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මුස්ලිම් කාන්තාවන් බුර්කාව ඇඳීම පිළිබදව ශ්‍රී ලංකාවේ සිටින ඇෆ්ගනිස්ථාන තානාපති අෂ්රෆ් හයිදාරි මහතා දැඩි ලෙස විරෝධය පලකරන පුද්ගලයෙක්.

ඔහු ඒ පිළිබදව ට්විටර් පණිවුඩ පවා නිකුත්කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

කෝච්චි ප්‍රමාදයක්

පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දෙපාර්තමේන්තුව පැවසුවා. කාර්මික දෝෂයට...

පුංචි ඡන්දයේ නාමයෝජනා භාරගැනීම අද සිට

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීම අද (17) ආරම්භ වනවා. මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළේ අද සිට ලබන 20 වැනිදා මධ්‍යහ්න 12 දක්වා...

නැංගුරම් ලා තිබූ බෝට්ටු 02ක් ගිනි අරන්

දික්වැල්ල, නිල්වැල්ල ධීවර වරායේ සිට මීටර් 200 ක් දුරින් නැංගුරම් ලා තිබූ බහුදින බෝට්ටු 02 ක් අද (17) අළුයම ගිනි ගෙන තිබෙනවා. මේ වන විට...

POPULAR ARTICLES

කෝච්චි ප්‍රමාදයක්

පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දෙපාර්තමේන්තුව පැවසුවා. කාර්මික දෝෂයට...

පුංචි ඡන්දයේ නාමයෝජනා භාරගැනීම අද සිට

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීම අද (17) ආරම්භ වනවා. මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළේ අද සිට ලබන 20 වැනිදා මධ්‍යහ්න 12 දක්වා...

Voice of America වසා දමන්න ට්‍රම්ප් අත්සන් කරලා

අමෙරිකාවේ පැරණිතම සහ විශාලතම ජාත්‍යන්තර මාධ්‍ය ආයතනය වන Voice of America මාධ්‍ය ජාලය වසා දැමීමේ විධායක නියෝගයට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා. ඒ,...