25 C
Colombo
Monday, March 17, 2025

ඇෆ්ගනිස්තාන බොක්ෂිං ශුරිය රටින් පළා ආ හේතු හෙළි කරයි

- Advertisement -

ඇෆ්ගනිස්තානයේ කාන්තා ලයිට්වේට් බොක්ෂිං ශූරියක් වන සීමා රිසායි එරට අතහැර පළාවිත් තිබේ.

ඇය සදහන් කරන්නේ ⁣බොක්ෂිං ක්‍රීඩා පුහුණුවීම්වල නිරත වුවහොත් මරා දමන බවට තලේබාන් සංවිධානය තමන්ට තර්ජනය කළ බවයි.

ඇය සදහන් කරන ආකාරයට තලේබාන් සංවිධානය කාබුල් නුවර බලය අත්පත් කරගන්නා අවස්ථාවේ ඇය සිය පුහුණුකරු සමග පුහුණුවීම්වල නිරතව සිට ඇත.

එහි පැමිණි තලේබාන් සාමාජිකයන් පිරිමින් සමග පුහුණුවීම්වල නිරත වන මෙම ක්‍රීඩාව අතහැර වහාම නිවසට යන ලෙස ඇයට දැනුම් දී තිබේ.

පසුව ඇය සොයා නිවසට පැමිණි තලේබාන් සාමාජිකයන් බොක්ෂිං ක්‍රීඩාව නවතා දමන ලෙස ලිඛිත දැනුම්දීමක් සිදුකර ඊට අවනත වුවහොත් මරා දමන බවට තර්ජනය ක⁣⁣ළේ යැයි සීමා රිසායි හෙළි කර තිබේ.

මේ හේතුවෙන් තමන් පවුලේ සාමාජිකයන් හැර දමා කටාරය වෙත පැමිණි බවත් වෙනත් රටකට ගොස් බොක්ෂිං ක්‍රීඩාවේ නිරතවීම තම අභිලාෂය බවත් ඇය තවදුරටත් සදහන් කර ඇත.

RECENT ARTICLES - SINHALA

කෝච්චි ප්‍රමාදයක්

පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දෙපාර්තමේන්තුව පැවසුවා. කාර්මික දෝෂයට...

පුංචි ඡන්දයේ නාමයෝජනා භාරගැනීම අද සිට

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීම අද (17) ආරම්භ වනවා. මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළේ අද සිට ලබන 20 වැනිදා මධ්‍යහ්න 12 දක්වා...

නැංගුරම් ලා තිබූ බෝට්ටු 02ක් ගිනි අරන්

දික්වැල්ල, නිල්වැල්ල ධීවර වරායේ සිට මීටර් 200 ක් දුරින් නැංගුරම් ලා තිබූ බහුදින බෝට්ටු 02 ක් අද (17) අළුයම ගිනි ගෙන තිබෙනවා. මේ වන විට...

POPULAR ARTICLES

කෝච්චි ප්‍රමාදයක්

පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දෙපාර්තමේන්තුව පැවසුවා. කාර්මික දෝෂයට...

පුංචි ඡන්දයේ නාමයෝජනා භාරගැනීම අද සිට

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීම අද (17) ආරම්භ වනවා. මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළේ අද සිට ලබන 20 වැනිදා මධ්‍යහ්න 12 දක්වා...

Voice of America වසා දමන්න ට්‍රම්ප් අත්සන් කරලා

අමෙරිකාවේ පැරණිතම සහ විශාලතම ජාත්‍යන්තර මාධ්‍ය ආයතනය වන Voice of America මාධ්‍ය ජාලය වසා දැමීමේ විධායක නියෝගයට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා. ඒ,...