26.3 C
Colombo
Saturday, March 15, 2025

රවීගේ සිත රිදවූ රජයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක්ගෙන් බිලියන 4ක් ඉල්ලයි

- Advertisement -

හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් තමාට එරෙහිව රාජ්‍ය අමාත්‍යවරයෙක් සහ ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරියක් විසින් සිදු කරන ලදැයි කියන අසත්‍ය හා ද්වේශසහගත ප්‍රකාශයන්ට එරෙහිව එන්තරවාසියක් යවා ඇත.

එහිදී ඔහුගේ නීතීඥවරිය එම එන්තරවාසි මගින් දක්වා ඇත්තේ ඇයගේ සේවාදායකයා වන රවී කරුණානායක මහතාට දැඩි අගතියක් හා හානියක් සිදු වන ප්‍රකාශ ඔවුන් විසින් සිදුකර ඇති බවයි.

හිටපු මුදල් අමාත්‍යවරයෙක් වන රවී කරුණානායක මහතා සීනි තොග සැඟවූ වෙළඳපොලේ දැනට පවතින සීනි හිඟයට වගකිව යුතු පුද්ගලයෙක් බවට බලධාරීන් සොයාගත් බවට ඍජුව සහ/හෝ වක්‍රාකාරව හැඟවෙන පරිදි පසුගිය 5වනදා හිරු නාලිකාවේ විකාශය වූ වැඩසටහනකදී, වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩ පිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා විසින් සිදු කළ ප්‍රකාශයන් අසත්‍ය හා ද්වේශසහගත බවත් එම ප්‍රකාශ දේශපාලනික වාසි ලබා ගැනීමට උවමනාවෙන්ම නිර්මාණය කර ඇති බවත් එම එන්තරවාසියෙන් ඇය දන්වා සිටියි.

තවද, ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීනී කෝකිලා ගුණවර්ධන මහත්මිය විසින් පසුගිය 7වනදා දෙරණ රූපවාහිනී නාලිකාවේ වාද පිටිය වැඩසටහනේදී සීනි සම්බන්ධව මෙවැනිම අසත්‍ය හා ද්වේශසහගත ප්‍රකාශයන් සිදුකර ඇති බවත් එහි දැක්වෙනවා.

එබැවින් වසර 30කට අධික කාලයක් දේශපාලනයේ නිරතවූ අයෙක්, හිටපු අමාත්‍යවරයෙක් සහ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෙක් මෙන්ම කොළඹ දිස්ත්‍රික් නායකයාද වන රවී කරුණානායක මහතාට සිදුවූ සිත් තැවුළ සහ හානියේ වටිනාකම බිලියන 2ක් ලෙස ගණන් බලා ඇති බැවින් රාජ්‍ය අමාත්‍යවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය විසින් බිලියන 2 බැගින් ගෙවිය යුතුව ඇති බවත් එසේ ගෙවීමට අපොහොසත් වුවහොත් අදාල නීති ක්‍රියාමාර්ග වලට එළැඹීමට තම සේවාදායකයා තමන්ට දන්වා ඇති බවත් නීතීඥවරිය වැඩිදුරටත් අදාල එන්තරවාසිය හරහා දන්වා සිටියි.

RECENT ARTICLES - SINHALA

ඒ අපරාධ වාර්තාකරණය කැතයි – සරෝජා පෝල්රාජ්

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් ලිංගික අපරාධයකට මුහුණ දුන් සිදුවීම වාර්තා කිරීමේදී ඇතැම් මාධ්‍ය නාලිකා අවම සදාචාරයවත් ආරක්ෂා කර ගැනීමට අපොහොසත් වී ඇති බව කාන්තා...

අනුරාධපුර රෝහලේ සිදුවීම: සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකට අතවර කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරු ලබන සඳුදා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. ඊයේ...

මධ්‍යම අධිවේගයේ මාරක රිය අනතුරක්

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඊයේ (14) අලුයම් කාලයේ සිදු වූ අනතුරකින් පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම දෙස සිට කුරුණෑගල දෙසට නාගලගමුව ප්‍රදේශයේ ධාවනය...

POPULAR ARTICLES

ඒ අපරාධ වාර්තාකරණය කැතයි – සරෝජා පෝල්රාජ්

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් ලිංගික අපරාධයකට මුහුණ දුන් සිදුවීම වාර්තා කිරීමේදී ඇතැම් මාධ්‍ය නාලිකා අවම සදාචාරයවත් ආරක්ෂා කර ගැනීමට අපොහොසත් වී ඇති බව කාන්තා...

වාර්තාවක් දෙන්න අල්ලස් ගත් කොස්තාපල් අත්අඩංගුවට

පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රුපියල් 1,500ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, එය ලබාගත් ආරච්චිකට්ටුව පොලිස් ස්ථානයේ සේවය කළ...

අනුරාධපුර රෝහලේ සිදුවීම: සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකට අතවර කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරු ලබන සඳුදා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. ඊයේ...