25 C
Colombo
Monday, March 17, 2025

ඇෆ්ගනිස්තානයේ උද්ඝෝෂණ රැල්ල අඛණ්ඩව

- Advertisement -

තලේබාන් සංවිධානයට විරුද්ධව ඇෆ්ගනිස්තානයේ නගර පුරා විවිධ හේතු මත පැවැත්වෙන උද්ඝෝෂණ තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් වාර්තා වල සදහන් වන්නේ තවත් එක් උද්ඝෝෂණයක් පෙරේදා කන්දහාරයේදී පවත්වා ඇති බවයි.

එම උද්ඝෝෂණයට හේතුව වසර ගණනාවක් රජයේ ඉඩමිවල පදිංචිව සිටි පුද්ගලයන් ඉන් ඉවත් කිරීමට තලේබාන් පාලකයන් උත්සහ දැරීමයි.

තලේබාන් පාලකයන්ගේ ක්‍රියාවලට එරෙහිව ඇෆ්ගනිස්තානයේ නගර පුරා මෙවන් උද්ඝෝෂණ දිනපතා වාර්තා වන අතර ඇතැම් අවස්ථාවල ඒවා දරුණු ලෙස මර්දනය කෙරෙනවා.

මේ හේතුවෙන් සාමකාමී උද්ඝෝෂණවලට ඇති අයිතිය තහවුරු කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියද පසුගියදා තලේබාන් පාලනය වෙත අවධාරණය කළා.

RECENT ARTICLES - SINHALA

කෝච්චි ප්‍රමාදයක්

පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දෙපාර්තමේන්තුව පැවසුවා. කාර්මික දෝෂයට...

පුංචි ඡන්දයේ නාමයෝජනා භාරගැනීම අද සිට

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීම අද (17) ආරම්භ වනවා. මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළේ අද සිට ලබන 20 වැනිදා මධ්‍යහ්න 12 දක්වා...

නැංගුරම් ලා තිබූ බෝට්ටු 02ක් ගිනි අරන්

දික්වැල්ල, නිල්වැල්ල ධීවර වරායේ සිට මීටර් 200 ක් දුරින් නැංගුරම් ලා තිබූ බහුදින බෝට්ටු 02 ක් අද (17) අළුයම ගිනි ගෙන තිබෙනවා. මේ වන විට...

POPULAR ARTICLES

කෝච්චි ප්‍රමාදයක්

පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දෙපාර්තමේන්තුව පැවසුවා. කාර්මික දෝෂයට...

පුංචි ඡන්දයේ නාමයෝජනා භාරගැනීම අද සිට

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීම අද (17) ආරම්භ වනවා. මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළේ අද සිට ලබන 20 වැනිදා මධ්‍යහ්න 12 දක්වා...

Voice of America වසා දමන්න ට්‍රම්ප් අත්සන් කරලා

අමෙරිකාවේ පැරණිතම සහ විශාලතම ජාත්‍යන්තර මාධ්‍ය ආයතනය වන Voice of America මාධ්‍ය ජාලය වසා දැමීමේ විධායක නියෝගයට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා. ඒ,...