පිළියන්දල පොදු වෙළෙඳපොළ සංකීර්ණයේ නිදා සිටි පිරිසකට පොලු ප්‍රහාරයක් එල්ලකර ඇති බව පිළියන්දල පොලිස් ස්ථානාධිපතිවරයා පවසනවා.
පෙරේදා (22) මධ්‍යම රාත්‍රියේ පිළියන්දල පොදු වෙළෙඳපොළ සංකීර්ණයට පැමිණි කැස්බෑව නගර සභාවේ වැඩ පරීක්ෂකවරයෙකු එම ස්ථානයේ නිදාගෙන සිටි පුද්ගලයින් රැසකට දරුණු ලෙස පහරදී බරපතළ තුවාල සිදුකර තිබෙනවා.
පහරකෑ පිරිස තුවාල සහිතව පිළියන්දල පොලිස් ස්ථානයට පැමිණ සිදුවීම පිළිබදව පැමිණිලි කර පසුව බරපතල තුවාල ලබා සිටි දෙදෙනෙක් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පොලීසිය කටයුතු කර ඇති බව පිළියන්දල පොලීසිය සදහන් කරනවා.
කෙසේ වෙතත් එදින රාත්‍රියේම මෙම පහරදීමට අදාළ කැස්බෑව නගර සභාවේ වැඩ පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි පිළියන්දල පොලිස් ස්ථානාධිපතිවරයා පවසන්නේ.