25 C
Colombo
Monday, March 17, 2025

තලේබාන්වරුන් තමන්ට වැඩ කිරීමට ඉඩ නොදෙන බවට ඇෆ්ගනිස්තාන මානව හිමිකම් කොමිසමෙන් චෝදනා

- Advertisement -

තලේබාන් සංවිධානය තමන්ගේ සේවය පවත්වාගෙන යාමට ඉඩ ලබා නොදෙන බවට ඇෆ්ගනිස්තාන ස්වාධීන මානව හිමිකම් කොමිසම පවසයි.

මේ වනවිට තම කාර්යාලය තලේබාන්වරුන්ගේ ග්‍රහණයට ගෙන ඇති බවත් එම ගොඩනැගිල්ල, වාහන ඇතුළු එහි සම්පත් තලේබාන්වරුන්ගේ ඕනෑ එපාකම් සදහා භාවිතා කරමින් ඇති බවත් ඇෆ්ගනිස්තාන මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කර තිබේ.

එම කොමිසම සදහන් කරන්නේ තලේබාන්වරුන් මානව හිමිකම් පිළිබද කිසිදු තැකීමක් නොකරමින්, මානව හිමිකම් ආරක්ෂකයන්ට ප්‍රහාර එල්ල කරමින් මර්දනකාරී ලෙස කටයුතු කරන බවයි.

තලේබාන් පාලනය ඇෆ්ගනිස්තානයේ ස්වාධීන මානව හිමිකම් කොමිසමේ බලතලවලට ගරු කරනු ඇති බව විශ්වාස කළ නොහැකි යැයිද කොමිසමේ බලධාරීන් සදහන් කර ඇත.

RECENT ARTICLES - SINHALA

කෝච්චි ප්‍රමාදයක්

පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දෙපාර්තමේන්තුව පැවසුවා. කාර්මික දෝෂයට...

පුංචි ඡන්දයේ නාමයෝජනා භාරගැනීම අද සිට

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීම අද (17) ආරම්භ වනවා. මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළේ අද සිට ලබන 20 වැනිදා මධ්‍යහ්න 12 දක්වා...

නැංගුරම් ලා තිබූ බෝට්ටු 02ක් ගිනි අරන්

දික්වැල්ල, නිල්වැල්ල ධීවර වරායේ සිට මීටර් 200 ක් දුරින් නැංගුරම් ලා තිබූ බහුදින බෝට්ටු 02 ක් අද (17) අළුයම ගිනි ගෙන තිබෙනවා. මේ වන විට...

POPULAR ARTICLES

කෝච්චි ප්‍රමාදයක්

පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දෙපාර්තමේන්තුව පැවසුවා. කාර්මික දෝෂයට...

පුංචි ඡන්දයේ නාමයෝජනා භාරගැනීම අද සිට

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීම අද (17) ආරම්භ වනවා. මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළේ අද සිට ලබන 20 වැනිදා මධ්‍යහ්න 12 දක්වා...

Voice of America වසා දමන්න ට්‍රම්ප් අත්සන් කරලා

අමෙරිකාවේ පැරණිතම සහ විශාලතම ජාත්‍යන්තර මාධ්‍ය ආයතනය වන Voice of America මාධ්‍ය ජාලය වසා දැමීමේ විධායක නියෝගයට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා. ඒ,...