27 C
Colombo
Saturday, March 15, 2025

බැංකුවලින් ඩොලර් නොදෙන නිසා වරායේ තියෙන කිරිපිටි ප්‍රතිඅපනයනය කරනවා – ආනයනකරුවන්

- Advertisement -

වරායේ සිරවී ඇති කිරිපිටි තොග නිදහස්කර ගැනීමට දේශීය බැංකු ඩොලර් නිකුත් නොකිරීම නිසා අදාළ කිරිපිටි තොග ඉන්දුනීසියාව හා බංග්ලාදේශය වෙත ප්‍රතිඅපනයනය කිරීමට අපේක්ෂා කරන බව කිරිපිටි ආනයනකරුවන් පවසනවා.

ආනයනකරුවන් හා වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අතර ඊයේ (30) පස්වරුවේ පැවති සාකච්ඡාවේදී ආනයනකරුවන් සදහන් කළේ ෙ පෞද්ගලික බැංකු මගින් ඩොලර් නිකුත් කිරීම ප්‍රමාද කරන බවයි.

ඊයේ දිනය දක්වාම එම ගැටලුවට විසඳුමක් නොලැබුණු බැවින් කොළඹ වරායේ රඳවා ඇති කිරිපිටි තොග ඉන්දුනීසියාව හා බංග්ලාදේශය ප්‍රතිඅපනයනය කිරීමට අපේක්ෂා කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය මහතා පවසනවා.

ඔහු සදහන් කරන්නේ කිරිපිටි නරක්වීමේ අවදානමක් ඇති බැවින් එවැනි පියවරක් ගැනීමට ඇති හැකියාව පිළිබඳව සොයන බවයි.

කෙසේ වෙතත් වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහාලුම් නිදහස්කර ගැනීම සඳහා මහ බැංකුව විසින් ඩොලර් මිලියන 50ක මුදලක් රාජ්‍ය බැංකු දෙකක් වෙත පෙරේදා දිනයේ (29) නිදහස් කළා.

නමුත් මාස 3කට ආසන්න කාලයක සිට පවතින මෙම කිරිපිටි හිඟයට මෙතෙක් විසඳුමක් නොලැබීම හේතුවෙන් ජනතාවට අද දිනයේත් කිරිපිටි මිලදීගැනීම සඳහා දිගු පෝලිම්වල රැඳී සිටින අයුරු දක්නට ලැබෙනවා.

RECENT ARTICLES - SINHALA

මුදල් වංචාවකට ගොවිජන සංවර්ධන නිලධාරිනියක් අත්අඩංගුවට

පොහොර සහනාධාර මුදල් වංචා කළ බව කියන ගොවිජන සංවර්ධන නිලධාරිනියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අනුරාධපුර...

පාරිභෝගික අයිතිවාසිකම් රකින්න Clean Sri Lanka යටතේ වැඩසටහනක්

අදට (15) යෙදී ඇති ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනයට සමගාමීව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් සමාජය තුළ ආකල්පමය සංවර්ධනයක් ඇති කිරීමේ වැඩසටහනක් “ක්ලීන් ශ්‍රී ලංකා” යටතේ...

ඉතාලියේ වෙසෙන ලාංකිකයින්ගේ රියදුරු බලපත්‍ර ගැන තීරණයක්

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට රියදුරු බලපත්‍රය ලබාදීම කඩිනමින් සිදු කිරීමට එරට රජය එකඟතාව පළ කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

POPULAR ARTICLES