30 C
Colombo
Tuesday, January 7, 2025

හිටපු ටෙස්ට් ක්‍රීඩක ධම්මික ප්‍රසාද්ගෙන් යළි විශිෂ්ඨ පන්දු යැවීමක්

- Advertisement -

ශ්‍රී ලංකා හිටපු වේගපන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් Everest ප්‍රිමියර් ලීග් තරගාවලියේදී පන්දුවෙන් දස්කම් පාන්නට පසුගියදා (29) සමත් වුණා.

එහිදි Bhahirawa Gladiators කණ්ඩායම නියෝජනය කළ ප්‍රසාද් Biratnagar Warriors කණ්ඩායමට එරෙහිව ලකුණු 6ක් තුළදී කඩුලු 3ක් දවාගැනීමට සමත්කම් දැක්වුවා.

තරඟාවලියේ 8 වන තරගය ලෙස Kirtipur හිදී පැවැති මෙම තරඟයේදි Biratnagar Warriors කණ්ඩායමට එරෙහි පන්දුවාර 3ක් යොමුකළ ධම්මික ලකුණු 6කදී කඩුලු 3ක් දවාගත්තේ එක් නිලකුණු පන්දුවාරයක්ද සමගින්.

Biratnagar Warriors කණ්ඩායමට පන්දුවාර 17 පන්දු 4ක් තුළදී රැස්කිරීමට ලකුණු 89ක් පමණි. Biratnagar Warriors කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා පිතිකරු දිල්ෂාන් මුණවීර ලකුණු 25ක් රැස්කිරීමට සමත් වුණා.

පිළිතුරු ඉනීම ඇරඹු Bhahirawa Gladiators කණ්ඩායම පන්දුවාර 15.3 කදී කඩුළු 04ක් දැවී ලකුණු 92ක් ලබාගනිමින් තරඟය ජයග්‍රාහණය කළා.

එහිදි උපුල් තරංග පන්දු 35ක් තුළදි නොදැවී ලකුණු 34ක් ලබාගත්තේ හතරේ පහර 4ක්ද සමගින්.

තරගයේ වීරයා බවට පත්වූයේ ධම්මික ප්‍රසාද්.

එවරස්ට් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ධම්මික ප්‍රසාද් නියෝජනනය කරන Bhahirawa Gladiators කණ්ඩායමේ කඩුළු රකින්නා වන්නේද හිටපු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු උපුල් තරංගයි.

RECENT ARTICLES - SINHALA

අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනයට

අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. විශේෂ අවස්ථානුගත කරුණු යටතේ සැකකරුට හෝ චූදිතයාට අධිකරණයේ පෞද්ගලිකවම පෙනී සිටින ලෙස නියම කිරීම...

රජයේ ආයතනවලින් ඉවතලන කඩදාසි ගැන තීරණයක්

රජයේ ආයතනවල ඉවතලන කඩදාසි වාලච්චේන කඩදාසි කම්හල වෙත භාරදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. වාලච්චේන කඩදාසි කම්හලේ නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ඉවතලන කඩදාසි තොග...

2024 යල කන්නයේ වන්දි ගෙවීම්වලින් 90%ක් අවසන්

2024 යල කන්නයේ වන්දි ගෙවීම්වලින් 90%ක් මේ වනවිට නිදහස් කර අවසන් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා. එහි සභාපති පේමසිරි ජාසිං ආරච්චි මහතා පෙන්වා...

POPULAR ARTICLES