එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසි වාරයට සහභාගී වීම සදහා ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර වෙත ගොස් සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ එම සංචාරය නිමා කර අද (04) දින උදෑසන යළි මෙරටට පැමිණ තිබෙනවා.
ජනාධිපතිවරයා නිව්යෝර්ක් නුවර සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත පැමිණ එහි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන්යානයෙන් අද උදෑසන 08.55ට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබූ බවයි වාර්තා වන්නේ.
මෙරටට පැමිණි ජනාධිපතිවරයා ඉන්දීය විදේශ ලේකම්වරයා හමුවීමට නියමිත වන අතර කෙරවලපිටිය බලාගාරය සහ ගෑස් සැපයුම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ ආණ්ඩුවේ සුළුපක්ෂ ලබා ගැනීමට ඉල්ලා සිටි සාකච්ඡාවද සිදුවනු ඇතැයි අපේක්ෂිතයි.
මේ අතර, මෙරටට පැමිණි ජනාධිපතිවරයා තමන් සහ සිය මිණිපිරියගේ ඡායාරූපයක් සිය ෆේස්බුක් ගිණුමේ පලකර තිබෙනවා.
මෙවර ඇමරිකා එක්සත් ජනපද චාරිකාවේදී ඔහු සිය මිණිපිරිය දැකගත්තේ පළමුවරටයි.