29 C
Colombo
Wednesday, April 30, 2025

ඇමරිකානු ජනපති හා චීන ජනපති අතර සාකච්ඡාවකට එකඟතාවයක්

- Advertisement -

ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතර හමුවක් ස්විට්සර්ලන්තයේ සූරිච් නුවරදී පවත්වා තිබෙනවා.

මෙම සාකච්ඡාව ඵලදායී අන්දමින් පැවැත්වුණු බවත්, දෙරටේ නියෝජිතයන් පැය හයක් මුළුල්ලේ සාකච්ඡා පැවැත්වූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින්ග් අතර විඩියෝ තාක්ෂණය ඔස්සේ හමුවක් පැවැත්වීමට එකඟතාව පළ කරමින් එම සාකච්ඡාව අවසන් වූ බව ඇමෙරිකාවේ ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත් වෙබ් අඩවිය සදහන් කරනවා.

මීට පෙර ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක උපදේශක ජේක් සලිවාන් සහ චීනයේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයකු වන යැන් ජීචි යන නියෝජිතයන්ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් මාර්තු මාසයේ දී සාකච්ඡාවක් පැවැත්වුණා.

එම සාකච්ඡාවේදී දෙපාර්ශවයම ආක්‍රමණශීලි සහ දැඩි ස්ථාවරයක් අනුගමනය කළද මෙවර සාකච්ඡාවේදී දෙපාර්ශවයම අඩියක් පසුපසට ගනිමින් සංවාදශීලි සහ ඵලදායී සාකච්ඡාවක් පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

ඉකුත් මාස කිහිපයේදී ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් කරන ලද අදහස් දැක්වීම් තමන් සැලකිල්ලට ගන්නා බවත් තමන්ට ‘අලුත් සීත යුද්ධයක්’ අවශ්‍ය නොවන බවත් චීනය ප්‍රකාශ කරනවා.

හොංකො, තායිවානය, ෂින්ජින්ග්, සමුද්‍රීය කටයුතු සහ මානව හිමිකම් මෙන්ම දේශගුණික විපර්යාස කරුණු මුල් කරගනිමින් මේ වනවිට ඇමෙරිකාව සහ චීනය අතර සම්බන්ධතා ඉතා නරක අතට හැරී තිබෙනවා.

ඒ අනුව මාස ගණනාවක සිට දෙරට අතර මේ වනවිට දරුණු මතභේද ඇතිවෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ලොව විශාලතම ආර්ථිකයන්ට හිමිකම් කියන ඇමෙරිකාව සහ චීනය ලොව බලවත්ම රටවල් දෙක ලෙස ද සැලකෙනවා.

ජෝ බයිඩන් ඇමෙරිකාවේ ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව දෙරටේ නායකයන් දෙදෙනා අතර හමුවක් තවමත් පවත්වා නොමැති අතර එවැන්නක ඇති අවදානම සහ අනතුරුදායක තත්ත්වය සම්බන්ධයෙන් දෙරටම අවබෝධයෙන් සිටින බව ද ජාත්‍යන්තර විශ්ලේෂකයෝ පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

පාඨලීගේ රාජගිරියේ නඩුව කල්ගිහින්

2016 වසරේ රාජගිරියේ ප්‍රදේශයේදී තරුණයෙකු බරපතල රිය අනතුරකට ලක් කොට ඒ පිළිබඳ සාක්ෂි වසන් කිරීම සහ සාක්ෂි නිර්මාණය කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු...

නිමේෂ්ගේ මරණයට අදාළ සාක්ෂි විභාගයට දින නියම වෙයි

වැලිකඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පහරදීමට ලක්ව මියගිය බව කියන නිමේෂ් සත්සර නමැති තරුණයාගේ මරණයට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විභාගය මැයි මස 16...

වානිජ මණ්ඩලයෙන් ලංවිමට චෝදනා

පොළොව මත ඉදිකෙරෙන සූර්ය පැනල, කුඩා ජල විදුලි හා සුළං ව්‍යාපෘති සංවර්ධනය සඳහා අනුමැතිය මෙතෙක් නොලැබීමෙන් මෙගාවොට් 100ක විදුලි උත්පාදන ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් ඇනහිට...

POPULAR ARTICLES