24 C
Colombo
Tuesday, March 18, 2025

විදුලි අර්බුදයෙන් මිදෙන්න ඇෆ්ගනිස්තානය රටේ දේපළ විකුණයි

- Advertisement -

මේ වනවිට රට මුහුණ දී සිටින දැවැන්ත විදුලි අර්බුදයෙන් මිදීම සදහා රාජ්‍ය මෙන්ම විදුලි බිල් නොගෙවන ලද පෞද්ගලික අංශයේ ඉඩම්, නිවාස ඇතුළු දේපල විකිණීමට ඇෆ්ගනිස්තායේ තලේබාන් පාලනය තීරණය කර තිබේ.

ඇෆ්ගනිස්තානයේ විදුලි සැපයුමෙන් සියයට අසූවක් පමණ සපයා ගන්නේ අසල්වැසි මධ්‍යම ආසියානු රටවල් වන තජිකිස්තානය, උස්බෙකිස්තානය සහ තුර්ක්මේනිස්තානය යන රටවලිනි.

ලබාගත් විදුලිය වෙනුවෙන් ඇෆ්ගනිස්තානය එම රටවල් වෙත ඇමරිකානු ඩොලර් මිලියන 62 ක පමණ මුදලක් ගෙවීමට නියමිතව තිබේ.

අදාළ ණය නොගෙවුවහොත් ඇෆ්ගනිස්තානය වෙත විදුලිය සැපයුම අත්හිටුවන බවට එම රටවල් අනතුරු අඟවා ඇත.

මේ හේතුවෙන් කාබුල් අගනුවර ඇතුළු ඇෆ්ගනිස්තානයේ විදුලි සැපයුම බිදවැටීමේ අනතුරක් මතුව ඇති අතර මේ තත්වය වළක්වා ගැනීම සදහා හදිසි ණය සහ ආධාර ලබාදෙන්නැයි තලේබාන් පාලනය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ද ඉල්ලීමක් කර තිබිණ.

එහෙත් එම ඉල්ලීමට ද සාර්ථක ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් අදාළ දේපළ විකුණා එම ණය ගෙවීමට ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය තීරණය කර ඇති බව එරට වාර්තා සදහන් කරයි.

RECENT ARTICLES - SINHALA

නාගලගම් වීදියේ වෙඩිතැබීම ගැන තවත් තොරතුරු

ග්‍රෑන්ඩ්පාස් - නාගලගම් වීදිය ප්‍රදේශයේ දී ඊයේ (17) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මෝදර නිපුනගේ ගෝලයින් දෙදෙනෙකු...

සෞඛ්‍ය වෘත්තිකයින් අද සිට සංඛේත වැඩ වර්ජනයක

දීමනා කප්පාදුවට එරෙහිව සෞඛ්‍ය වෘත්තීය සමිති 19ක් අද (18) පෙරවරු 7.00 සිට සංඛේත වැඩවර්ජනයක නිරත වීමට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය තීරණය කර තිබෙනවා. ඒ අනුව අද...

ජල සැපයුම අත්හිටුවීමක් ගැන දැනුම්දීමක්

ජල සැපයුම අත්හිටුවීම සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ඒ අනූව මාර්තු 19 වැනිදා උදේ 08 සිට රාත්‍රී 12 දක්වා පැය...

POPULAR ARTICLES

නාගලගම් වීදියේ වෙඩිතැබීම ගැන තවත් තොරතුරු

ග්‍රෑන්ඩ්පාස් - නාගලගම් වීදිය ප්‍රදේශයේ දී ඊයේ (17) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මෝදර නිපුනගේ ගෝලයින් දෙදෙනෙකු...

ශ්‍රී ලංකා  – නවසීලන්ත කාන්තා තෙවන 20යි 20 තරඟය අත්හිටුවයි

ශ්‍රී ලංකාව සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම් අතර තුන්වන සහ අවසාන විස්සයි විස්ස තරඟය වර්ෂාව හේතුවෙන් තීරණයකින් තොරව අවසන් වී තිබෙනවා. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී...