24.9 C
Colombo
Thursday, November 28, 2024

මහේන්ද්‍රන් නොමැතිව බැඳුම්කර නඩුව විභාග කෙරෙයිද ?

- Advertisement -

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන අජහාන් ගාර්දිය පුංචිහේවා යන විත්තිකරුවන් නොමැතිව මහ බැංකු බැඳුම්කර වංචා නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන යාමට නීතිපතිවරයා අද (13) කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය හමුවේ ඉල්ලීමක් කළා.

ඒ එම නඩුවේ පළමු සහ දසවන විත්තිකරුවන් වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන අජහාන් ගාර්දිය පුංචිහේවා යන විත්තිකරුවන් මේ වන විට විදෙස් ගතව සිටීම හේතුවෙන්.

මෙම නඩුව අද යළි කැඳවනු ලැබුවේ චම්පා චානක රාජරත්න, දමිත් තොටවත්ත සහ නාමල් බලල්ලේ යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා අධිකරණ හමුවේ කියා සිටියේ මෙම නඩුවේ පළමුවන විත්තිකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මේ වන විට සිංගප්පූරුවේ වාසය කරන බවට තොරතුරු ලැබී ඇති අතර ඔහු මෙරටට ගෙන්වා ගැනීම සඳහා සිංගප්පූරු රජය සමඟ උදර්පණ ක්‍රියාවලියක් ආරම්භ කර ඇති බවයි.

එම උදර්පණ ක්‍රියාවලිය සම්පූර්ණ වීම සඳහා සැලකිය යුතු කාලය ගත වන හෙයින් විත්තිකාර අර්ජුන් මහේන්ද්‍රන් නොමැතිව නඩු විභාගය ආරම්භ කිරීම සඳහා සාක්ෂි මෙහෙයවීමට අවසර දෙන ලෙස අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

එමෙන්ම මෙම නඩුවේ 10 වන විත්තිකරු වශයෙන් නම් කර සිටින අජහාන් ගාර්දිය පුංචිහේවා නැමැත්තා මේ වන විට මැලේසියාවේ වාසයකරන බවට තොරතුරු ලැබී ඇති බවත් උදර්පණ නීතිය යටතේ ඔහු මෙරටට ගෙන්වා ගැනීම ප්‍රායෝගිකව අපහසු බවට කරුණු අනාවරණය වී ඇති හෙයින් එම විත්තිකරු නොමැතිව නඩුව පවත්වාගෙන යාම සදහා සාක්ෂි මෙහෙය වීමට අපේක්ෂා කරන බවද අතිරේක සොලිස්ටර් ජනරාල් නාවාන මහතා අධිකරණයට දැනුම් දුන්නා.

කරුණු සලකා බැලු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නීති කෘත්‍යය දෙසැම්බර් මස 03 වනදා යළි කැඳවීමට නියෝග කළ අතර එදින එම විත්තිකරුවන් දෙදෙනා නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාමට අවශ්‍ය සාක්ෂි මෙහෙවීමට පියවර ගන්නා ලෙස පැමිණිල්ලට නියෝග කළා.

එමෙන්ම විත්තිකාර අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට අදාළ උදර්පණ ක්‍රියාවලියේ ප්‍රගතියක් තිබේ නම් ඒ පිළිබඳව මෝසමක් මාර්ගයෙන් අධිකරණය දැනුවත් කරන ලෙසද ත්‍රිපුද්ගල මහාධිකරණය විනිසුරු මඩුල්ල අතිරේක සොලිසිටර් ජනරාල්වරයාට දැනුම් දුන්නා

2015 වසරේ පෙබරවාරි මස 27 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකරන භූ බැඳුම්කර වෙන්දේසියකදී රුපියල් මිලියන 688 කට අධික පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් පොදු දේපළ පනත යටතේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, එම බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පත්තිනිගේ සමරසිරි, පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අර්ජුන් ඇලෝසියස් ජෙෆ්රි ඇලෝසියස් එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මෙම නඩුව ගොනුකර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

කිරිපිටි පැකට් උස්සා ආරක්ෂක නිලධාරීන්ට ගල්වලින් පහර දුන් කතක් අත්අඩංගුවට

සුපිරි වෙළඳසැලකින් රුපියල් 6000ත් පමණ වටිනා කිරිපිටි පැකට් සොරාගෙන ආරක්ෂක නිලධාරීන්ට ගල්වලින් පහර දී පලාගිය කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කුරුදුවත්ත පොලීසිය පවසනවා. පොලීසිය...

හෙට කාලගුණය ගැන නිවේදනයක්

නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (28) පෙරවරුව වනවිට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 110ක් පමණ ඊසාන දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

පොලිස් වෙබ් අඩවිය අලුත් වෙයි – ඔන්ලයින් සේවා රැසක්

ශ්‍රී ලංකා පොලිස් නිල වෙබ් අඩවිය වන www.police.lk යාවත්කාලීන කර නව මුහුණුවරකින් නිර්මාණය කර මහජනතාවගේ පරීශීලනය සඳහා අද (27) දින එළිදක්වා තිබෙනවා. බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ...

POPULAR ARTICLES

කිරිපිටි පැකට් උස්සා ආරක්ෂක නිලධාරීන්ට ගල්වලින් පහර දුන් කතක් අත්අඩංගුවට

සුපිරි වෙළඳසැලකින් රුපියල් 6000ත් පමණ වටිනා කිරිපිටි පැකට් සොරාගෙන ආරක්ෂක නිලධාරීන්ට ගල්වලින් පහර දී පලාගිය කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කුරුදුවත්ත පොලීසිය පවසනවා. පොලීසිය...

දකුණු අප්‍රිකා පළමු ඉනිම ලකුණු 191කට සීමාවෙලා

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව සියලුදෙනා දැවී රැස් කරගත්තේ...

හෙට කාලගුණය ගැන නිවේදනයක්

නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (28) පෙරවරුව වනවිට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 110ක් පමණ ඊසාන දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...