26 C
Colombo
Tuesday, March 18, 2025

එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබද ඒජන්සිය ඇෆ්ගනිස්තානය වෙනුවෙන් ආධාර යදියි

- Advertisement -

එළඹෙන සීත කාලයේදී ඇෆ්ගනිස්ථානයේ ජනගහනයෙන් කෝටි දෙකක් පමණ දැඩි මානුෂීය අර්බුදයක‍ට මුහුණදීමේ අවදානමක් මතුව ඇති බැවින් ඒ සදහා වන සහන වැඩපිළිවෙළ‍ට දායක වන්නැයි එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබද ඒජන්සිය ලෝක ප්‍රජාවෙන් ඉල්ලා සිටියි.

මීට මාස කිහිපයක‍ට පමණ පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානය සදහන් කර තිබුණේ ඇෆ්ගනිස්තානයේ සහන සේවා කටයුතු සදහා ඇමරිකානු ඩොලර් මිලියන 606 ක් පමණ අවශ්‍ය වනු බවයි.

එහෙත් මේ වනතෙක් ලැබී ඇත්තේ ඉන් 35% පමණක් බවත් එය ප්‍රමාණවත් වන්නේ මාස දෙකක පමණ කාලයක සහන සේවා සදහා බවත් එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබද ඒජන්සිය සදහන් කරයි.

එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබද ඒජන්සියේ ප්‍රකාශිකා බාබරා බලොච් පවසන්නේ ඇෆ්ගනිස්තානයේ සිටින අභ්‍යන්තර අවතැන්වූවන් සදහා සහන සැලසීමට එරට දේශසීමාවෙන් පිටත විශේෂ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බවයි.

ඇෆ්ගනිස්තානයේ ආර්ථිකය මුලුමනින්ම බිද වැටී ඇති බවත්, මේ වන විට දිනකට ප්‍රමාණවත් ලෙස ආහාර ලබාගත හැකිව ඇත්තේ ඇෆ්ගනිස්තාන ජනසංඛ්‍යාවෙන් 5% තරම් සුලු පිරිසකට පමණක් බවත් බාබරා බලොච් වැඩිදුරටත් සදහන් කර ඇත.

RECENT ARTICLES - SINHALA

අදානි ව්‍යාපෘතිය ගැන තවදුරටත් සාකච්ඡා

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සම්න්ධයෙන් අදානි සමාගම තවදුරටත් සාකච්ඡා පවත්වමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා. ඉන්දියාවේ "ද හින්දු පුවත්පත" වාර්තා කර ඇත්තේ අදාළ...

නාගලගම් වීදියේ වෙඩිතැබීම ගැන තවත් තොරතුරු

ග්‍රෑන්ඩ්පාස් - නාගලගම් වීදිය ප්‍රදේශයේ දී ඊයේ (17) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මෝදර නිපුනගේ ගෝලයින් දෙදෙනෙකු...

සෞඛ්‍ය වෘත්තිකයින් අද සිට සංඛේත වැඩ වර්ජනයක

දීමනා කප්පාදුවට එරෙහිව සෞඛ්‍ය වෘත්තීය සමිති 19ක් අද (18) පෙරවරු 7.00 සිට සංඛේත වැඩවර්ජනයක නිරත වීමට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය තීරණය කර තිබෙනවා. ඒ අනුව අද...

POPULAR ARTICLES

පොලිසියට බැදෙන්න කැමතිනම් මෙහෙම කරන්න එපා

ශරීරයේ කිසියම් හෝ ස්ථානයක ටැටූ ගසා ඇත්නම් පොලිස් දෙපාර්තමේන්තුවේ රැකියා සඳහා අවස්ථාව හිමි නොවන බව ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර මහතා පවසනවා. ඔහු පවසා සිටියේ,...