පසුගිය 29 වනදා මහර බන්ධනාගාරය තුළ ඇති වු කළහකාරී සිද්ධියෙන් මිය ගිය සංඛ්‍යාව 11 ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඉන් තුවාල ලැබූ සංඛ්‍යාව 117 දෙනෙකු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. තුවාල ලැබූ අය අතරින් 105 ක් රැඳවියන් බවත් දෙදෙනෙක් බන්ධනාගාර නිලධාරීන් බවත් ඒ මහතා පැවසීය.
රාගම රෝහලේ රැඳවියන් 80ක් සහ බන්ධනාගාර නිලධාරීන් ප්‍රතිකාර ලබන බවත් රැඳවියන් 24ක් ඔවුන්ගේ සුළු තුවාල සදහා ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවත් එම රැඳවියන්ව කොළඔ මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන ආ බවත් තවත් රැඳවියෙක් කොළඔ ජාතික රෝහලට ප්‍රතිකාර සදහා මාරු කර යවා ඇති බවත් ඒ මහතා පවසයි.
මහර බන්ධනාගාරයේ ඇතිවූ සිදුවීම්වලට අදාල දර්ශන පහතින්,