දෙමාපියන්යැයි හදුන්වාගත් පිරිසක් මහනුවර රාසිංදෙව් කණිෂ්ඨ විදුහලේ විදුහල්පතිවරයාට නොදන්වා පාසල ශුද්ධ පවිත්‍ර කිරීමට යැයි එම පාසලට පැමිණීම සම්බන්ධයෙන් මේ වන විට මතභේදකාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.
පාසලේ විදුහල්පතිවරයා පවසන්නේ මෙම පිරිස රජයේ ආයතනයක් වන පාසල් භූමියට ඇතුළු වීමට උත්සහ කර ඇත්තේ තමන්ව කිසිදු ආකාරයකින් දැනුවත් කිරීමකින් නොවන බවයි.
පසුව දෙමාපියන් යැයි තමන්ව හදුන්වාගත් පිරිස විදුහල්පතිවරයාට දුරකතන ඇමතුමක් ලබාදී ඇති අතර එහිදී හෙළිදරව් වී ඇත්තේ මෙම පිරිස දෙමාපියන් නොව ඇමතිවරයෙකු විසින් පාසලේ යතුරු ලබාගැනීම සඳහා එවන ලද පිරිසක් බවයි.
ඔවුන්ව පාසලට එවන ලද්දේ කුමන අමාත්‍යවරයාදැයි විදුහල්පතිවරයා විමසීමේදී එම පිරිස පවසා ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ ආණ්ඩු පක්ෂයේ රාජ්‍ය අමාත්‍යවරයෙකු වන දිලුම් අමුණුගම මහතා තමන්ට පාසලට ගොස් එය ශුද්ධ කරන ලෙසට දැනුවත් කළ බවයි.
ඊට අදාළ හඬපටය පහතින්,