අහිතකර බවට නැවත නැවත තහවුරු වූ චීන පොහොර නැව වෙනුවෙන් මුදල් ගෙවන ලෙස ඉල්ලමින් චීනය විසින් සිදුකරන බලපෑම් දිනෙන් දින වැඩිවනවා.
එහි එක් පියවරක් ලෙස මහජන බැංකුව අසාදු ලේඛනගතකිරීමට චීනය ඊයේ දින කටයුතු කළා.
එහි තවත් පියස්වරක් ලෙස චීන තානාපති කාර්‍යාලය විසින් ඉතා දැඩ් ස්වරයකින් ට්විටර් පණිවිඩයක් නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා. එහි පරිවර්තනයක් පහළින්.
“චීන පොහොර සමාගම විවෘත ලංසුව දිනා ගත්තා, ගිවිසුම් අත්සන් කළා, Ceylon Fertilizer විසින් නම් කරන ලද චීනයේ සහ ජාත්‍යන්තර නියෝජිතායතනයේ පරීක්ෂණ සමත් වුණා, නියමිත කාලයට පෙර නැව්ගත කළා.
ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන ආයතනය විසින් අතරමගදී එකඟ නොවුණා, පොහොර තොගය විෂ සහිත/හානිකර ලෙස හැඳින්වූවා, නැව ප්රතික්ෂේප කළා, තෙවන පාර්ශවීය පරීක්ෂණය ප්‍රතික්ෂේප කළා, L/C ගෙවීමේ වගකීම ප්‍රතික්ෂේප කළා.
අපි මහජන බැංකුව අසාදු ලේඛනගත කළා!”