චීනය, මහජන බැංකුව අසාදු ලේඛන ගතකර ඇති බවට තමන් වෙත මෙතෙක් දැනුම්දීමක් සිදුකර නොමැති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.
මුදල් අමාත්‍යවරයා ඊයේ (30) මහනුවරට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ ජනතාව වෙනුවෙන් ඉදිරි අයවැය ඉදිරිපති කිරීමට පෙර දළදා වහන්සේගේ ආශිර්වාදය ලබාගැනීමට මහනුවරට පැමිණි බවයි.
රටටත්, ජනතාවටත් හොඳ අයවැයක් ඉදිරිපත් කිරීමට වාසනාව උදාවනු ඇති බවට තමන් විශ්වාස කරන බවද අමාත්‍යවරයා මෙහිදී සදහන් කළා.
යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් පක්ෂ 11 ක සහභාගීත්වයෙන් පැවති මහජන මන්ත්‍රණ සභාව පිළිබදව බැසිල් රාජපක්ෂ මහතාගෙන් මාධ්‍යවේදීන් කළ විමසීමේදී අමාත්‍යවරයා පවසා සිටියේ තවම ඒ පිළිබදව කල්පනා නොකළ බවයි.