හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට දුන් තීන්දුව මගින් අධිකරණයේ නිර්මලත්වය පැහැදිලි වූ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසයි.
ඔහු මේ බව පැවසූවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ දී දෙසැම්බර් 01 වන දින පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය. බැසිල් මහතාට එරෙහිව අධිකරණයේ ගොනු කර තිබුණු අදාල නඩුව ද්වේශ සහගත ලෙස දේශපාපලන අරමුණු ඉෂ්ඨ කර ගැනීම සදහා අධිකරණ පද්ධතිය අවභාවිතා කිරීමට ගත් උත්සාහයක් බවත් ඒ මහතා පැවසූ අතර පැමිණිලි පාර්ශ්වය විසින් ගොනු කරන ලද චෝදනා ඔප්පු කිරීමට කිසිදු සාක්ෂියක් උසාවිය හමුවේ ඉදිරිපත් කර නොතිබූ බවත් ඒ මහතා පැවසීය.