28.1 C
Colombo
Sunday, April 13, 2025

කැළණියේ කුළපති ධූරයට කැළණි ගඟ දෙබෑකරගෙන නයා ආ ශබ්දය ඇසුණු හිමිනම පත්කෙරේ

- Advertisement -

අපවත්වී වදාල පූජ්‍ය ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම හිමිගෙන් හිස්වූ කැළණිය විශ්ව විද්‍යාලයේ කුලපති ධූරයට කැළණිය රජමහා විහාරයේ විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමි පත්කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම අද (05) දිනයේ සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමි වඩාත් ජනප්‍රියත්වයට පත්වූයේ ඉකුත් ජනාධිපතිවරණ සමයේ කැළණි ගඟෙන් මතුවූවා යැයි කියන ධාතු සහිත නාගයෙක් සම්බන්ධ සිදුවූමක් හේතුවෙනි.

මණිඅක්ඛිත දිව්‍යරාජයා වෙනුවෙන් ගුප්ත විද්‍යා විශාරද උදාර මධුසංඛ නම් පුද්ගලයෙක් කැළණි විහාරයේ සිවුරු ගල නම් ස්ථානයේ නානුමුර පූජාවක් 2009 වසරේදී පවත්වා තිබෙනවා.

එහිදී උදාර මධුසංඛ නම් පුද්ගලයා පැවසුවේ මණිඅක්ඛිත නාරජුගේ ආරාධනයක් අනුව තමන් ගං පතුළට ගිය බවත් එහිදී නාගරාජයෙකු කටින් ගෙන ආ සරවඥ ධාතු සහිත කරඩුවක් තමන්ට ලබාදුන් බවත් පවසා සිටියා.

එය තහවුරු කරමින් කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමි පවසා සිටියේ තමන්ට විශාල ශබ්දයක් ඇසුණු බවයි.

ගඟේ වතුරට තදයම් දෙයක් ස්පර්ශවන විට ඇතිවන ඝෝෂාවකින් අනතුරුව උදාර නම් පුද්ගලයා කරඩුවක් සහිතව කැළණි නදියෙන් ගොඩට ආ බවයි.

මෙම මිත්‍යාදුෂ්ටික අදහස වෙනුවෙන් කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමි පෙනී සිටි අතර එයට දෙරණ මාධ්‍ය ජාලය පුළුල් ප්‍රචාරයක් ලබාදුන්නා.

RECENT ARTICLES - SINHALA

මමවත් නොදන්න අය අපේ මන්ත්‍රි කණ්ඩායමේ ඉන්නවා-ඇමති ලාල් කාන්ත

පාර්ලිමේන්තුවේ තම පක්ෂයේ සිටින ඇතැම් මන්ත්‍රිවරු සමඟි ජනබලවේගයේද එසේ නොමැති නම් ජාතික ජන බලවේගයේද යන්න සැකය තමා තුල පවතින බව කෘෂි කර්ම අමාත්‍ය කේ.ඩී...

WhatsApp හදිසියේ බිඳ වැටෙයි

ලොව පුරා දහස් ගණනක් පරිශීලකයින් සඳහා වට්සැප් සමාජ මාධ්‍ය ජාලයේ යම් බිඳවැටීමක් සිදුව තිබෙනවා. ඒ අනුව, වට්ස් ඇප්  පණිවුඩ යැවීම status එකතු කිරීම වැනි කටයුතු...

කටපාඩම් නොකළැයි 7 හැවිරිදි සිසුන්ට අමානුෂික ලෙස පහර දීලා

ගුරුවරයෙකු විසින් දරුවන්ට අමානුෂික ලෙස පහරදීම පිලිබඳව සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වන පුවතක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. කොළඹ අධ්‍යාපන කලාපයේ...

POPULAR ARTICLES

ට්‍රම්ප්ගේ බදු රිවස් එකක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ස්මාර්ට්ෆෝන් සහ පරිගණක සඳහා පනවා තිබූ නව තීරු බදු ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ නිදහස්...

මමවත් නොදන්න අය අපේ මන්ත්‍රි කණ්ඩායමේ ඉන්නවා-ඇමති ලාල් කාන්ත

පාර්ලිමේන්තුවේ තම පක්ෂයේ සිටින ඇතැම් මන්ත්‍රිවරු සමඟි ජනබලවේගයේද එසේ නොමැති නම් ජාතික ජන බලවේගයේද යන්න සැකය තමා තුල පවතින බව කෘෂි කර්ම අමාත්‍ය කේ.ඩී...

WhatsApp හදිසියේ බිඳ වැටෙයි

ලොව පුරා දහස් ගණනක් පරිශීලකයින් සඳහා වට්සැප් සමාජ මාධ්‍ය ජාලයේ යම් බිඳවැටීමක් සිදුව තිබෙනවා. ඒ අනුව, වට්ස් ඇප්  පණිවුඩ යැවීම status එකතු කිරීම වැනි කටයුතු...