ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි කතරගම ප්‍රාදේශීය සභාවේ 2022 වසරට අදාල අය-වැය අද (10) දින පරාජය වී ඇති බව වාර්තා වනවා.
අයවැයට පක්ෂව හිමිව ඇත්තේ ඡන්ද 2ක් පමණයි.
2022 අයවැය යෝජනාව සඳහා පොදුජන පෙරමුණේම මන්ත්‍රීවරයෙකු වන උපසභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් 6 දෙනෙක අයවැය පරාජය කිරීමට සහභාගීව තිබීම විශේෂත්වයක්.
එමෙන්ම, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 5 දෙනා සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනාද ඡන්දය පලකර ඇත්තේ අයවැයට විරුද්ධවයි.
ඒ අනුව නව වසර සඳහා වන අයවැය දෙවන වරටත් ඉදිරිපත් කරන බවයි ප්‍රාදේශීය සභා සභාපති චානක අමිල් රංගන මහතා පවසන්නේ.