28 C
Colombo
Thursday, May 1, 2025

Jai Bhim චිත්‍රපටය නිසා සූර්යාගේ නිවසට සන්නද්ධ පොලිස් ආරක්ෂාවක්

- Advertisement -

මේ වන විට ඉන්දියාව තුළ ආන්දෝලනයට තුඩු දී ඇති Jai Bhim චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපනය කරන සූර්යා හට වන්නියාර් ප්‍රජාවෙන් තර්ජන එල්ල වීම හේතුවෙන් ඔහුගේ නිවසට සන්නද්ධ පොලිස් ආරක්ෂාව ලබා දීමට කටයුතු කර තිබෙනවා.

සූර්යා, ඔහුගේ බිරිද වන ජනප්‍රිය නිළි ජෝතිකා සහ අධ්‍යක්ෂ ටී.ජේ ඥානවේල් මෙන්ම ඇමසන් ප්‍රයිම් වීඩියෝ ආයතනය වෙත ද විරෝධය එල්ල කරමින් වන්නියර් සංගමය නොවැම්බර් 15 වන දා නිකුත් කළ නිවේදනයකින් දැනුම් දී ඇත්තේ චිත්‍රපටයෙන් වන්නියාර් ප්‍රජාවගේ කීර්ති නාමයට කැළලක් එක් කර ඇති බවයි.

ටී නගර් හි පිහිටි සූරියාගේ නිවසට අවි ආයුද සමඟ පොලිස් නිලධාරීන් පස් දෙනෙකු යෙදවීමට පියව ගෙන ඇත්තේ ඒ අනුවයි.

Jai Bhim හි ඇතැම් දර්ශන වන්නියාර් ප්‍රජාවගේ කීර්ති නාමයට හානියක් බව එම නිවේදනයේ සඳහන් වෙනවා.

මේ පිළිබඳ සූර්යා ඇතුළු නිෂ්පාදන කණ්ඩායම ප්‍රසිදිධියේ සමාව ඉල්ලීම ඇතුළුව රුපියල් කෝටි පහක වන්දියක් වන්නියාර් ප්‍රජාව වෙත ගෙවිය යුතු බව ද එම නිවේදනයේ සඳහන් වුණා.

එම නිවේදනයෙන් පසු වන්නියාර් සංගමයේ සාමාජිකයන් සූර්යා හට විවෘත තර්ජන ද එල්ල කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ටී.ජේ ඥානවේල් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ Jai Bhim සූරියා සහ ජෝතිකාගේ 2D Productions විසින් නිෂ්පාදනය කෙරුණා.

එම චිත්‍රපටයෙන් එරට ඇති කුළ භේදය දැඩිව විවේචනය කර ඇති අතර ඉන්දියානු පොලීසිය විසින් සාමාන්‍ය ජනතාවට සිදුවන අසාධාරණකම් පිළිබදවද සාකච්ඡා කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

සබරගමුවේ ශිෂ්‍යයෙක් සියදිවි නසා ගත්තේ රැග් එක නිසාද? පොලිසියෙන් විමර්ශනයක්

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයේ ඉගෙනුම ලබමින් සිටි ශිෂ්‍යයෙකු සියදිවි නසා ගැනීමේ ඛේදනීය සිද්ධියක් ඊයේ (31) වාර්තා වුණා. මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණපා ඇත්තේ චරිත් දිල්ෂාන් නමැති...

බස් ගාස්තු සංශෝධනයක් නැහැ – ගැමුණු

ඩිසල් ලීටරයක මිල රුපියල් 12 කින් අඩු වුවද එය බස් ගාස්තු අඩු කිරීමට ප්‍රමාණවත් නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න...

අදත් දුම්රියක් පීලි පැනලා

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා පැමිණි පුලතිසි නගරාන්තර ශීඝ්‍රගාමි දුම්රිය මෙලෙස පීලී...

POPULAR ARTICLES