28 C
Colombo
Wednesday, April 30, 2025

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් තනතුරට ලංකා ගුරු සංගමයේ විරෝධය

- Advertisement -

අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා  අධ්‍යක්ෂ ජනරාල් නමින් තනතුරක් ඇති කර ඒ සඳහා දේශපාලන හිතවත්කම් මත නුසුදුසු පුද්ගලයෙකු පත් කිරීමට මේ වන විට කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇති බවට ලංකා ගුරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අධ්‍යාපන පරිපාලනයට අදාළ තනතුරු සඳහා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා ව්‍යවස්ථාවට අනුව තරඟ විභාගයක් පවත්වා සුදුසුකම් සහිත පුද්ගලයන් විධිමත්ව බඳවා ගත යුතු බවත් එසේ තිබියදී ශ්‍රී  ලංකා අධ්‍යාපන පරිපාලන සේවා ව්‍යවස්ථාව ද උල්ලංඝණය කරමින් අධ්‍යානපන අමාත්‍යාංශයේ ක්‍රීඩා  අධ්‍යක්ෂ ජනරාල් නමින් තනතුරක් ඇති කර කැබිනට් පත්‍රිකාවක්  මගින් ඒ සඳහා පත් කිරීම් සිදු කිරීම අනීතික ක්‍රියාවක් බව එම නිවේදනයේ සදහන් කර ඇත.

දෙසැම්බර් 3 අදාල නිවේදනය නිකුත් කර ඇති අතර පසුගිය රජය සමයේ හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරිවසම් විසින් ද අනීතික ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා  අධ්‍යක්ෂ තනතුර සඳහා මංජුල කාරියවසම් නමැති බාහිර පුද්ගලයෙකු පත් කිරීමට කටයුතු කළ බවත් එහි සදහන් කර ඇත.

මේ ආකාරයෙන් අධ්‍යාපන පද්ධතිය තුළ අනීතික පත්වීම් නොකරන ලෙසත් සේවා ව්‍යවස්ථාවන්ට අනුව සුදුසුකම් සහිත පුද්ගලයන් අධ්‍යාපන පද්ධතියේ තනතුරු සඳහා පත් කරන ලෙසත් ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින බවත් එම නිවේදනයේ සදහන් වේ.

RECENT ARTICLES - SINHALA

මැතිවරණය පාසල් විෂය මාලාවට

පාසල් විෂය නිර්දේශයට මැතිවරණ පිළිබඳ හැදෑරීම් එක් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ඊයේ (29) ශ්‍රී ලංකා පත්‍රකලා...

ඕෂලගේ පියාගේ පෙත්සම විසිවෙලා

බොරැල්ලේ පිහිටි සියලු සාන්තුවරයින්ගේ දේවස්ථානයට බෝම්බ තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් වෛද්‍ය දයානන්ද හේරත් ගොනු කළ මූලික අයිය්හිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින්...

කොටුව – මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රියක් පීලි පැනලා

කොළඹ - කොටුව සහ මරදාන අතර දුම්රියක් පීලි පැනීමක් සිදුව තිබෙනවා. එබැවින් කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන දෙකෙන්ම ආරම්භ වන සියලුම දුම්රිය ප්‍රමාද වනු ඇති...

POPULAR ARTICLES