25 C
Colombo
Tuesday, April 29, 2025

අධි අවදානම් සහිත මත්ද්‍රව්‍ය ලැයිස්තුවෙන් “කංසා” ඉවත් කරයි

- Advertisement -

අධි අවදානම් සහිත මත්ද්‍රව්‍ය ලැයිස්තුවෙන් “කංසා” ඉවත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පියවර ගෙන ඇත.

ඒ, කංසා සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දුන් නිර්දේශ සැලකිල්ලට ගනිමිනි. “කංසා” එම අධි අවදානම් ලැයිස්තුවේ වසර 59ක කාලයක් පැවතුණි.  

කංසා සහ කංසාවල වෙනත් නිෂ්පාදන සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිර්දේශ මාලාවක් සමාලෝචනය කිරීමෙන් පසුව එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය කොමිසම මෙම තීරණය ගෙන ඇත.  ඒ අනුව, හෙරොයින් වැනි මාරාන්තික ඇබ්බැහිවීම් සහිත මත්ද්‍රව්‍ය ලැයිස්තුවෙන් “කංසා” ඉවත් කෙරෙනු ඇත.  

ඊට අදාළ යෝජනාවට, මත්ද්‍රව්‍ය පිළිබඳ කොමිසමේ සාමාජික රටවල් 53න් 27ක් ම පක්ෂව ඡන්දය දී තිබූ අතර විපක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබුණේ සාමාජිකයන් 25ක් පමණි.  එක් පාර්ශ්වයක් ඡන්ද විමසුමට සහභාගී වී නැත. මින් ඉදිරියට කංසා අවදානම් සහිත මත්ද්‍රව්‍යයක් ලෙස නොසලකන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කරයි. නීතිවිරෝධී මත්ද්‍රව්‍යයක් ලෙස ප්‍රකටව ඇති කංසාවල ඖෂධීය හා චිකිත්සක ගුණ හඳුනාගැනීමට මේ තුළින් වැඩි අවස්ථාවක් උදාවී ඇති බව විදෙස් වාර්තා පෙන්වාදෙයි.  

කෙසේ වෙතත් කංසා වර්ගීකරණය සම්බන්ධයෙන් එක් එක් රටවල් පවත්වාගෙන යන අධිකරණමය බලතල පවතින බැවින් කංසා සඳහා පවතින ජාත්‍යන්තර පාලන ක්‍රමවේද, එම තීරණය ඔස්සේ ලිහිල් නොවන බව විශේෂඥයන් පවසයි.

RECENT ARTICLES - SINHALA

වෙසක් දන්සල් ලියාපදිංචිය ගැන දැනුම්දීමක්

එළඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් පවත්වනු ලබන දන්සල් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා....

තැපැල් ඡන්ද විමසීම අදින් අවසන්

පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය සලකුණු කිරීම අද අවසන් වනවා. ඒ අනුව අදත් පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වා තැපැල් ඡන්දය සළකුණු කළ...

වෙඩික්කරුවෙක් අත්අඩංගුවට

වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට සම්බන්ධ සැකකරුවෙකු හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 27 වනදා පස්වරුවේ එම සැකකරු කොස්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරින්...

POPULAR ARTICLES

වෙසක් දන්සල් ලියාපදිංචිය ගැන දැනුම්දීමක්

එළඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් පවත්වනු ලබන දන්සල් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා....

ස්පාඤ්ඤයට සහ පෘතුගාලයට හදිසි තත්ත්වයක්

ස්පාඤ්ඤයට සහ පෘතුගාලයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ , ස්පාඤ්ඤයේ සහ පෘතුගාලයේ ප්‍රදේශ රැසක විදුලිය බිදවැටීම හේතුවෙන්. ප්‍රංශය සහ ස්පාඤ්ඤය අතර විදුලිබල පද්ධතියේ...

තැපැල් ඡන්ද විමසීම අදින් අවසන්

පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය සලකුණු කිරීම අද අවසන් වනවා. ඒ අනුව අදත් පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වා තැපැල් ඡන්දය සළකුණු කළ...