මහර බන්ධනාගාර ගැටුමේ දී මියගිය කිසිදු රැඳවියෙකු වෙඩි පහර හේතුවෙන් මරණයට පත්වී නොමැති බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනුරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි.
ඔහු මේ බව පැවසූවේ දෙසැම්බර් (03) දින පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමිනි.
“බන්ධනාගාර නිලධාරීන්ගේ වෙඩි පහරින් කිසිම කෙනෙක් මැරිලා නෑ. ඒ මැරිලා ඉන්න සියලුදෙනා මැරිලා තියෙන්නේ. ඇතුළේ කට්ටිය ගහගෙන. වෙඩි පහරවල් තියලා තියෙනවා. නමුත් මැරිලා නෑ. මරණ පරීක්ෂණවලින් ඒ බව තහවුරු වෙලා තියෙනවා.“