කොවිඩ් 19 වසන්ගතය හේතුවෙන් කලාකරුවන් විශාල ආර්ථික අර්බුධයකට මුහුණ දී ඇති බව මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරා මහතා පවසයි.
‘කලාකරුවන් හැටියට අන්ත අසරණ වෙලා තත්වයට වැටිලා ඉන්නේ ඇත්තම කිව්වොත් අපි වෙනුවෙන් කතා කරන්න කෙනෙක් නැහැ. තවදුරටත් මෙහෙම ගියොත් හෙට දවසේ බැංකු කඩන්නේ අපිද දන්නේ නැහැ. අවංකවම කිව්වොතින් කොවිඩ් 19 නෙවෙයි මිනිස්සුන්ට ප්‍රශ්නය වෙලා තියෙන්නේ කන්නේ බොන්නේ කොහොමද කියන එක’ යනුවෙන් නලීන් පෙරේරා මහතා පැවසීය.
නලීන් මහතා මේ බව පැවසූවේ දෙසැම්බර් 03 වන දින කලාකරුවන් පිරිසක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් හමුවී කරන ලද සාකච්ඡාවක් අතරතුරදී මාධ්‍ය අමතමිනි.
කොවිඩ් වසන්ගතය හමුවේ කලාකරුවන්ට සිය ජීවනෝපාය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශන ලබා දෙන ලෙස එම කලාකරුවන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් උපදෙස් ලබා ගැනීමට පැමිණ ඇත.
තව කියවන්න
- IMF බලපෑමෙන් විදුලි බිල වැඩි වෙයිද ?
- චීනයේ අවන්හලක ගින්නක් – 22 ක් මරුට
- මාස 6ට කරපුවා අහද්දි අපි ලොක් වෙනවා – ඇමති වටගල
- ඇමති නලින්ද කියන්නේ බොරු – රනිල්ගෙන් නිවේදනයක්
- ජූඩ් සිංගප්පුරුවේ නැහැ-අධිකරණයට දැනුම්දීමක්