28 C
Colombo
Wednesday, October 16, 2024

ගෑස්වල ප්‍රමිතිය පරීක්ෂා කරනවා – ඇමති අලගියවන්න

- Advertisement -

ආනයනික ගෑස්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට පියවර ගෙන ඇතැයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

ඒ දිවයිනේ නන් දෙසින් පිපිරීම් වාර්තා වීමත් සමඟයි.

‍පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේ නිවසක ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 19 හැවිරිදි විවාහක කාන්තාවක් ඊයේ (25) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පසුගිය නොවැම්බර් 13 වැනිදා ඇය ගෑස් සිලින්ඩරය ගිනිකූරක් යොදා දල්වා ගැනීමට යාමේදී එය පුපුරා ගොස් ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

එමෙන්ම, කොට්ටාව, පන්නිපිටිය ප්‍රදේශයේ නිවසක ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවූ පිපිරීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඉන් ජීවිත හානි සිදුව නැතත්, මුළුතැන්ගෙයි තිබූ දේපොළවලට හානි සිදුව ඇති බවයි.

තවද, නිකවැරටිය – කන්දේගෙදර ප්‍රදේශයේ නිවසකද පිපිරීමක් සිදුව ඇති බවට තොරතුරු වාර්තා වනවා.

නිකවැරටිය මූලස්ථාන පොලීසිය සඳහන් කරන්නේ පිපිරීමෙන් නිවස ගිනිගෙන නිවසට දැඩි හානි සිදුව ඇති බවයි.


RECENT ARTICLES - SINHALA

මන්නාරම විනිසුරුට එරෙහි පෝස්ටර් මුද්‍රණය කළ හිමිකරු රිමාන්ඩ්

මන්නාරම මහාධිකරණ විනිසුරුට එරෙහිව කොළඹ ප්‍රදේශයේ අලවා තිබූ මඩ පෝස්ටරය මුද්‍රණය කළේ යැයි කියන යක්කල ප්‍රදේශයේ මුද්‍රණාල හිමිකරුවා ලබන 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාර...

විදෙස් ජාතිකයින් මෙරට සිට මෙහෙයවන ස්කෑමින් කෑම්ප් ගැන අනාවරණයක්

විදෙස් ජාතිකයින් විසින් මෙරට දී සිදුකරනු ලබන අන්තර්ජාල ජාවාරම්වල ඉහළ යෑමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බවත් ඒවා ශ්‍රී ලාංකිකයින් සිර කර තබාගෙන මියන්මාරයේ ක්‍රියාත්මක සයිබර්...

ගින්නකින් පාසල් ගොඩනැගිල්ලක් විනාශ වෙලා

පාසලක හදිසියේ ඇතිවූ ගින්නකින් එහි දෙමහල් ගොඩනැගිල්ලක් සම්පූර්ණයෙන් විනාශවී ගොස් තිබෙනවා. මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස අධ්‍යාපන කලාපයට අයත් තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයේ බහුකාර්ය දෙමහල් ගොඩනැගිල්ල මෙලෙස...

POPULAR ARTICLES

ශානිගේ පත්කිරීමට එරෙහිව විරෝධයක්

මැතිවරණ කාලයක් ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා, අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කිරීම...

වාහන ආනයනය ගැන රජයෙන් පැහැදිලි කිරීමක්

බලයට පත්වූ පසු නව ආණ්ඩුව විසින් කිසිදු ආකාරයකින් තීරුබදු සහන සහිත වාහන ආනයනය කිරීමට කටයුතු කර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා...

සජිත්ට තවත් සංවිධායකයෙක්ගෙන් හොඳටම බැණුම්

මෙවර මහමැතිවරණයේ තමා සමගි ජනබලවේගයේ නාමයෝජනා ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙන බව ආණමඩුව සම ආසන සංවිධායක ප්‍රේමසිරි මහතා විසින් චෝදනා කරනවා. ඔහු පවසන්නේ අවසන් මොහොත වනතෙක්...