අධ්‍යක්ෂක ශානි අබේසේකර ගේ ජීවිතය බේරා ගැනීම සදහා මැදිහත්වන්නැයි ‘ශ්‍රි ලංකා පොලිසිය දේශපාලනයෙන් මුදා ගැනීමේ ජාත්‍යන්තර සංවිධානය (IODPP ) පොලිස්පතිවරයා ගෙන් ඉල්ලීමක් කර ඇත.
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගෙන් එම සංවිධානය අදාල ඉල්ලීම නොවැම්බර් 26 දින සිදුකර ඇති අතර තම සංවිධානයේ ඒකායන අරමුණ ශ්‍රි ලංකා පොලිසිය නිර්දේශපාලනීකරණය කොට රටේ අනාගතයට මංපෙත් විවර කිරීම බවත් ඒ සඳහා නීතිය මහපොලවේ ක්‍රියාකරන්න දේශපාලනයෙන් ගලවා ගත යුතු බව අවධාරණය කර ඇත.
ශ්‍රි ලංකා පොලිසියේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු කීර්තිමත් අපරාධ පරික්ෂකයෙකු වන ශානි අබේසේකර යනු නුතනයේ අප දුටු ෂර්ලොක් හෝම්ස් බවත් ශානි අබේසේකර මරාදැමීමට කිසිවෙකුටත් ඉඩ නොතැබීම ඔබගේ යුතුකමක් නොව වගකීමක් බවත් එම සංවිධානය පොලිස්පතිවරයාට යෑවු ලිපියේ සදහන් වී ඇත.