අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ යෝජනාවකට අනුව නවක ගායන ශිල්පිනී යොහානි දිලෝකා ද සිල්වා මෙනෙවියට කොළඹින් ඉඩමක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරියට අයත් බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතේ පිහිටි මෙම ඉඩම පර්චස් 9.68 ක ප්‍රමාණයකින් යුක්තයි.
1996 ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් වෙත 99 අවුරුදු බදු පදනම යටතේ ලබාදී ඇති ඉඩම් කොටස්වලට යාබදව මෙම ඉඩම පිහිටා තිබෙනවා.
ඒ අනුව රජය විසින් මෙම ඉඩම යොහානි ද සිල්වා මෙනෙවියට ත්‍යාගයක් වශයෙන් ලබාදීමට කටයුතු කරන බව අද (21) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සම කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කළා.